විපක්ෂ නායක සජිත් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං අතර සුවිශේෂ හමුවක් අද කොළඹ දී සිදුවුණා.

මෙම හමුවේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන හා බහුවිධ සබඳතා ව මෙන් ම දෙරටේ ම අන්‍යෝන්‍ය යහපත උදෙසා ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳ ව අවධානය යොමුවුණා.

දෙරට අතර පවතින ඓතිහාසික, සංස්කෘතික හා ජනතාව අතර පවතින සබඳතා පිළිබඳ ව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප, ධනාත්මක සහ නිරන්තර සබඳතාවක් පවත්වා ගෙන යාමේ වැදගත්කම මෙහි දී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා හමුවේ අවධාරණය කළා.

එමෙන්ම, ඉන්දියානු සාගර කලාපයේ පවතින සාමය, ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා වන සහයෝගීතාව ඇතුළුව, කලාපීය වර්ධනයන් සහ දෙරටටම පොදු වැදගත්කමක් සහිත කරුණු පිළිබඳව ද නායකයන් දෙපළ අතර අදහස් රැසක් හුවමාරු වුණා.

අන්‍යෝන්‍ය ගෞරවය, සෛරීත්වය, සමානාත්මතාව, විශ්වාසය සහ අවබෝධය මත පදනම්ව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් හා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතාවක් පවත්වා ගෙන යාමේ ඇති වැදගත්කම මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැවත වරක් අවධාරණය කළා.

එසේම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනතාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සියලු මට්ටමින් අඛණ්ඩ ව සබඳතා පවත්වා ගෙන යාමේ වැදගත්කම මෙම හමුවේ දී නැවතත් අවධාරණය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46