කල් ඉකුත් වූ තේ ඇසුරුම අලෙවි කළ සුපිරි වෙළඳසැල් ජාලය සිය වරද පිළිගනී

කල් ඉකුත් වූ තේ ඇසුරුමක් පාරිභෝගිකයෙකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් සුපිරි වෙළඳසැල් ජාලයක් හිමි පුද්ගලික සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවේදී, විත්තිකාර සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 200,000/-ක දඩ මුදලක් නියමකර තිබෙනවා

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයේදී, 2026.07.15 දින කල් ඉකුත් වූ බව සඳහන් 400g තේ ඇසුරුමක් රු. 1,000/-කට අලෙවි කර තිබීම අනාවරණය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2014.08.15 දිනැති අංක 1875/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති විධාන අංක 52 උල්ලංඝනය කිරීම මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණා.

විධාන අංක 52 අනුව නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන්, සැපයුම්කරුවන් සහ වෙළෙඳුන් විසින් විකිණීමට නුසුදුසු, කල් ඉකුත් වූ හෝ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බව හඳුනාගත් භාණ්ඩ, විකිණීමට ඉදිරිපත් කර ඇති අනෙකුත් භාණ්ඩ සමඟ එක්ව, යාබදව හෝ ඒවා අතර තබා ගැනීම, ගබඩා කිරීම හෝ එක්රැස් කිරීම නොකළ යුතු බව සඳහන් වනවා.

නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අදාළ සමාගම වරද පිළිගත් අතර, ඒ අනුව අධිකරණය විසින් රු. 200,000/-ක දඩයක් නියම කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24
Video thumbnail
නාමල් ඇතුලට ගියොත් තමයි පොහොට්ටුවට ජයවෙන්නේ
11:27
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට - "කෙ#වන්න පටන් ගන්නේ අද..අනුර කුමාරට බුදුම සරණයි"
06:29
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
04:42
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ඇවිත් මුල්ලටවෙලා දුම් පානය කරන සිසුන් - කවුද මේ දුම්වැටි විකුණන්නේ ?
01:30