ජනපති පොරොන්දු වූ ඇමරිකානු ඩොලර් මිලියනය නේපාලයට පරිත්‍යාග කරයි

නේපාලයට බලපෑ විනාශකාරී ගංවතුරෙන් පසු සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහායවීමට, නේපාලයට ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය දා ප්‍රකාශ කළා.

ඊට අදාළවන අනුමැතිය ද පසුගිය සතියේ රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් ලබා දුන්නා.

ඒ, අනුව එම ඇමරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය පරිත්‍යාගය නේපාල රජය වෙත අද (09) ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනි රුවන්ති දෙල්පිටිය විසින් කත්මණ්ඩු නුවරදී නේපාල විදේශ අමාත්‍ය ෂිසිර් ඛනාල් වෙත මෙම මුදල භාරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නේපාල ජනතාව කෙරෙහි ගැඹුරු සංවේගය සහ සහයෝගීතාවය නැවත අවධාරණය කළ තානාපතිනිය, ව්‍යසනයෙන් තම ආදරණීයයන් අහිමි වූ පවුල්වලට හෘදයාංගම ශෝකය පළකර තිබෙනවා.

නේපාල රජයේ අඛණ්ඩ මානුෂීය, සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය වීම සහ ගංවතුර සහ නායයෑම්වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම මෙම මූල්‍ය ආධාරයේ අරමුණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18