මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ බවට සැක මිලියන ගණනක දේපල ක්‍රියා විරහිත කෙරේ

කැලණිමුල්ල උතුර, අංගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර වත්කම් උපයාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිදු කරන ලද විමර්ශනයේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් සැකකාරියගේ හා ඇගේ ‍සමීපතමයෙක්ගේ නමින් රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා ත්‍රීරෝද රථ දෙකක් ද සැකකාරියගේ පුත්‍රයාගේ නමින් රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා බස් රථයක් මිලදී ගෙන ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

අද (08) දින අළුත්කඩේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ලබන 14 දින දක්වා එම දේපළ සම්බන්ධයෙන් ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර තිබෙනවා.

නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted