මගේ හොඳ වැඩ ටිකක් ඉස්සරහට එනවා

ආදරයෙන් කඳුළු සැලූ ඒ පුංචි අහිංසකාවිය විවිධ චරිත හරහා ඔබට සමීප වෙමින් අද ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වෙලා. ෂෙහානි කහඳවල නම් මේ අහිංසකාවියත්
පසුගිය දවස්වල අසනීප වෙලා හිටියේ. ඉතින් ඇයගේ සුවදුක් ගැන විමසමින් ඇයගේ කලා දිවියේ ඉදිරි වැඩකටයුතු ගැන අප විමසුවා…

පසුගිය දවස්වල ෂෙහානි ඔබත් මේ කොවිඞ්වලට ගොදුරු වෙලා හිටියේ. දැන් කොහොමද ඔබගේ අසනීප තත්ත්වය?
ඔව්… මට කොරෝනාව කොහෙන් බෝ වුණාද කියලා මම දන්නේ නැහැ. මම එහෙම ඇවිදින්න යන්නේ නැහැ. ගෙදරට වෙලා තමයි ඉන්නේ. උණ, සෙම්ප්‍රතිශ්‍යාව වගේ බාහිර රෝග ලක්‍ෂණ මටත් පෙන්නුවා. ඉතින් වෛද්‍ය පරීක්‍ෂණ අනුව මටත් කොරෝනා රෝගය වැලඳී ඇති බව දැනගන්න ලැබුණා. දැන්නම් හුඟාක් දුරට හොඳයි.

පසුගිය දවස්වල නිර්මාණ කටයුතු සඳහා සම්බන්ධ වුණේ නැද්ද?
නිර්මාණ කිහිපයක වැඩ කළා. අලුත් නිර්මාණවලින් ආරාධනා ලැබුණා. ඒ සියල්ලම මේ කොරෝනා ප්‍රශ්න නිසා කල්ගියා. මොකද රූගත කිරීම් සඳහා මේ දවස්වල දර්ශන තල සොයා ගැනීමට අපහසු නිසා.

ඔබට ආරාධනා ලැබෙන නිර්මාණ ප්‍රතික්‍ෂේප කරන්නේ ඇයි?
මේ වන විට නිර්මාණ කිහිපයකම මම වැඩ කළා. හැබැයි ඉතින් මම එහෙම එක දිගට නිර්මාණවල වැඩ කරන්න කැමැති නැහැ. නිර්මාණ දෙකක් විතර බාරගෙන වැඩ කරනවා. එහෙම ඔක්කොම බාරගෙන වැඩ කරන්න ගියොත් කරන වැඩ ටිකවත් මට හරියට කරගන්න බැරි වෙනවා. එහෙම වුණාම මම නිර්මාණයට වගේම චරිතයට ලොකු අසාධාරණයක් කරන්නේ. ඉතින් පොඩි විවේකයක් අරගෙන නැවැත වැඩවලට සම්බන්ධ වෙනවා.

ඔබව හැමදාමත් අපි දකින්නේ අහිංසකාවියගේ චරිත තුළින්, සුවිශේෂී චරිත ලැබුණේ නැද්ද?
මම වැඩ කරපු හැම චරිතයක්ම මම විනිවිද බවක් දකිනවා. මට එවැනි චරිත කරන්න ලැබෙන්නේ මගේ බාහිර පෙනුමත් නිසා වෙන්නට ඇති. හැබැයි ඉදිරියේදී මම වැඩ කරපු සුවිශේෂී චරිත කිහිපයක් දැකබලා ගන්න පුළුවන්.

චිත්‍රපට රංගනය වෙනුවෙන් ඔබේ දායකත්වය පසුබවක් දකිනවා?
අවුරුදු දෙකක් තිස්සේ ඉඳලා සිනමා ශාලා වැහිලා. ඉතින් අලුත් චිත්‍රපට නිර්මාණවලින් දායක වීමට මම බලාපොරොත්තු වුණත් කොහොමද කරන්නේ මේ කොවිඞ් කතන්දරයත් එක්ක. ඒ සියලුම වැඩකටයුතු ඉදිරියට ගියා. මගෙත් ලොකු සිහිනයක් තිබෙනවා හොඳ සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න.

-වසන්ත විතාරණගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40