අද (30) පස්වරු 3:00 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල පද්ධති ක්‍රියා විරහිත කර තබන ලෙස, වහල මත සවි කර ඇති සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම පවසන්නේ, වෙසක් උත්සව සමය තුළ ජාතික විදුලිබල පද්ධතියේ පවතින විදුලි ඉල්ලුම හේතුවෙන්, පද්ධතියේ විශ්වසනීයත්වය සහ ස්ථාවර ක්‍රියාකාරිත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම ඉල්ලීම සිදුකරන බවයි.













