රගර් තරගයක් මැද පාසල් දෙකේ ක්‍රීඩකයින් ගුටි ඇනගනී – හයක් රෝහලේ

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර, ඊයේ (29) පැවති රගර් තරගයක් අතර තුර ගැටුමක් හටගෙන තිබෙනවා.

කුරුණෑගල මලියදේව විදුහල් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගය ඇති වූ ගැටුමෙන් ක්‍රීඩකයින් 06 දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

තරග අතර තුර දෙපිළේ ක්‍රීඩකයින් අතර ඇති වූ සිදුවීමක් ගැටුමක් බවට පත්ව ඊට තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් ද මැදිහත් වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ගැටුමෙන් තුවාල ලැබූ මලියදේව විද්‍යාලයේ ක්‍රීඩකයින් හයදෙනා ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගැටුම සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted