නාඳුනන පුද්ගල මළ සිරුරක් කළුතර මුහුදු වෙරළේ

නාඳුනන පුද්ගල මළ සිරුරක් කළුතර මුහුදු වෙරළට ගොඩගසා තිබිය දී සොයාගෙන තිබෙනවා.

සොයාගත් එම මළ සිරුර පුරාවට සීරීම් සහ තැලීම් තුවාල දක්නට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇති පුද්ගලයා අඩි 5යි අගල් 5ක් පමණ උසැති අයෙක් වන අතර, අවුරුදු 55 – 60 ත් අතර වියේ පසුවූ අයෙක් විය හැකිබවයි සැකපළ කරන්නේ.

කළුතර දකුණ මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted