Fly high Get bonus Aviator Phone

භූමියේ හිමිකම් අහිමි මහවැලි ජනපදිකයින් 35,000කට ඉඩම් හිමිකම

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මහවැලි කලාපයේ පවුල් 15,000ක් වෙනුවෙන් ඉඩම් හිමිකම් පත්‍ර ලබාදීම මේ මස දෙවැනි සතියේ සිට ආරම්භ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ‌රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඒ අනුව වසර 05කට වැඩි කාලයක් තිස්සේ ඉඩම් හිමිකම නොමැතිව සිටි පවුල් වෙත මෙලෙස ඉඩම් ඔප්පු ලබාදීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මහවැලි කලාපයේ ඉඩම් ඔප්පු නොමැති පවුල් 20,000කට මේ වන විටත් ඉඩම් හිමිකම ලබාදීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙම අදහස් පළ කළේ , “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අර්බුද රැසක් මධ්‍යයේ තමයි එදා මහවැලි අමාත්‍යාංශය භාර ගත්තේ. අමාත්‍යාංශය යටතේ පවතින ඇළ වේලි පවා ප්‍රතිසංස්කරණය කර ගැනීමටවත් මුදල් තිබුණේ නැහැ. වාරිමාර්ග අමාත්‍යාංශය මිලියන ලක්ෂයකටත් එහා ගිය දැවැන්ත වැය ශීර්ෂයක් තිබූ අමාත්‍යාංශයක්. එවැනි අවස්ථාවක ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර , මුදල් අමාත්‍යාංශයේත් සහාය ඇතිව රුපියල් මිලියන දස දහසක ණය මුදලක් ලබා ගැනීමට හැකියාව ලැබුණා.

එම මුදලින් රුපියල් මිලියන තුන්දහසක් ඇළ වේලි, වාරි පද්ධති, ජලාශ නවීකරණය කිරීමට වෙන් කළා. මේ ණය මුදල අවම වශයෙන් වසර 40ක් යන විට රජයට ගෙවන්න සිදුවෙනවා. එනිසා මේ මුදල් වැය කරමින් අවුරුදු 80ක් වත් පවතින දෙයක් කළ යුතුව තිබුණා. ඒ අනුව අදාළ මුදල් ප්‍රතිපාදනවලින් විධිමත් වැඩපිළිවෙළක් මේ විටත් ක්‍රියාත්මක කර තිබෙනවා.

මා අමාත්‍යාංශය භාර ගැනීමට පෙර සිටම මහවැලි අමාත්‍යාංශය ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් සිටියා. ඒ බව කෝප් කමිටුව හමුවේත් සාකච්ඡාවට ගනු ලැබුවා. එහිදී හෙළි වූ ඉඩම්, ඉඩම් බදු ලබාදීම් ඇතුළු ප්‍රශ්නගත කාරණා කිසිවක් මාගේ වසරක අමාත්‍ය ධූර කාලයට අදාළ නෑ. ඒවා මීට වසර 20ක සිට පවතින ප්‍රශ්න. ඒ නිසා මේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ‘ඉඩම් අයිතිය නිවසටම’ කියන වැඩසටහනක් අපි අලුතින් ආරම්භ කළා.

මෙහි පළමු අදියර යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මහවැලි කලාපයේ පදිංචිකරුවන්ට ඉඩම් හිමිකම් පත්‍ර 20,000ක් ලබාදී තිබෙනවා. තවත් ඉඩම් හිමිකම් පත්‍ර 15,000ක් මේ මස දෙවැනි සතියේ සිට ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. වසර 05කට වැඩි කාලයක් තිස්සේ ඉඩම් හිමිකම් නොමැති පවුල්වලට මෙසේ ඉඩම් ඔප්පු ලබාදීමට නියමිතයි. ඇතැමුන්ට වසර 50කටත් වැඩි කාලයක් තිස්සේ ඉඩම් හිමිකම් පත්‍ර ලැබී තිබුණේ නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මහවැලි කලාපයේ ඉඩම් ඔප්පු ලබාදීමේ ක්‍රමවේදය නව වැඩපිළිවෙළකින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වලව ජලාශයෙන් ජලය ලබාදීමේ ගැටලුවක් මේ වන විට උද්ගත වෙලා තිබෙනවා. වලව ජලාශය හරහා ජලය ලබාගෙන කුඹුරු හෙක්ටයාර් 25,000 ක් පමණ වගා කටයුතු සිදු කෙරෙනවා. ඒ වගේම අතුරු බෝග හෙක්ටයාර් 8000ක ප්‍රමාණයකුත් වගා කරනවා. එවැනි තත්ත්වයක් තුළ කුඹුරු සඳහා ජලය ලබාදීමේ ගැටලුවක් දැන් ඇතිව තිබෙනවා.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ගොවිතැන් සඳහා ජලය ලබා දෙනවාද?, අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදෙනවා ද? යන ගැටලුවත් මේ අවස්ථාවේ උද්ගත වී තිබෙනවා. නමුත් වගා ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් වශයෙන් අප උත්සාහ දරමින් සිටිනවා. මෙහිදී රටේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

පවතින වියළි කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් පසුගියදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වුණා. එහිදී විදුලි බලය විසන්ධි නොකරන වැඩපිළිවෙළකට යාමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණා.

කෙසේ නමුත් වියළි කාලගුණයත් සමඟ විදුලිය ලබා දෙන විදුලි ජනක යන්ත්‍ර (ජෙනරේටර්) සහිත නෞකා මඟින් විදුලිය ලබා ගැනීමේ කටයුත්ත කඩිනම් කළහොත්, විදුලි අර්බුදයත් විසඳා ගන්නා අතරේ ගොවීන්ට අවශ්‍ය ජලය ලබාදීමටත් හැකියාව තිබෙනවා. මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයත් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටුනායක කර්මාන්තශාලාවක් නැවැත්වීමෙන් කම්කරුවන් 1200කගේ රැකියා අහිමිවේ
14:45
Video thumbnail
ම#රණය අතේ තියාගෙන විදුලි ට්‍රාන්ස්පෝමරයෙන් මහ රෑ තඹ කම්බි කපන හැටි
01:42
Video thumbnail
රැග් දෙනවනම්..ඌව අල්ලලා ගස් බැදපියව්.. සීලරතන හිමි ෆයර් වෙයි
04:17
Video thumbnail
දෑතට විලංගු වැටුණු රඹුක්වැල්ලගේ පුතා පියාගේ අඩිපාරෙම යන හැටි
01:25
Video thumbnail
දයාසිරිට නහුතෙට තදවෙයි - මුලාසනයට කියපු සැර කතාව
07:15
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
04:04:24
Video thumbnail
අනුරගේ දැන් තියෙන්නේ ගජමිතුරු දේශපාලනයක්.. දයාසිරි අනුරට රිදෙන්නම දෙයි
17:56
Video thumbnail
මෙන්න වැඩක් - ලක්ෂ 59 ක මුදල් වංචාවකට මාලිමා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
03:45
Video thumbnail
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට පත්වුණු හැටි මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:16
Video thumbnail
අදත් නාමල් රාජපක්ෂ අධිකරණයට - එළියට එද්දී කියපු සැර කතාව
03:59

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?