භූමියේ හිමිකම් අහිමි මහවැලි ජනපදිකයින් 35,000කට ඉඩම් හිමිකම

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මහවැලි කලාපයේ පවුල් 15,000ක් වෙනුවෙන් ඉඩම් හිමිකම් පත්‍ර ලබාදීම මේ මස දෙවැනි සතියේ සිට ආරම්භ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ‌රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඒ අනුව වසර 05කට වැඩි කාලයක් තිස්සේ ඉඩම් හිමිකම නොමැතිව සිටි පවුල් වෙත මෙලෙස ඉඩම් ඔප්පු ලබාදීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මහවැලි කලාපයේ ඉඩම් ඔප්පු නොමැති පවුල් 20,000කට මේ වන විටත් ඉඩම් හිමිකම ලබාදීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙම අදහස් පළ කළේ , “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අර්බුද රැසක් මධ්‍යයේ තමයි එදා මහවැලි අමාත්‍යාංශය භාර ගත්තේ. අමාත්‍යාංශය යටතේ පවතින ඇළ වේලි පවා ප්‍රතිසංස්කරණය කර ගැනීමටවත් මුදල් තිබුණේ නැහැ. වාරිමාර්ග අමාත්‍යාංශය මිලියන ලක්ෂයකටත් එහා ගිය දැවැන්ත වැය ශීර්ෂයක් තිබූ අමාත්‍යාංශයක්. එවැනි අවස්ථාවක ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර , මුදල් අමාත්‍යාංශයේත් සහාය ඇතිව රුපියල් මිලියන දස දහසක ණය මුදලක් ලබා ගැනීමට හැකියාව ලැබුණා.

එම මුදලින් රුපියල් මිලියන තුන්දහසක් ඇළ වේලි, වාරි පද්ධති, ජලාශ නවීකරණය කිරීමට වෙන් කළා. මේ ණය මුදල අවම වශයෙන් වසර 40ක් යන විට රජයට ගෙවන්න සිදුවෙනවා. එනිසා මේ මුදල් වැය කරමින් අවුරුදු 80ක් වත් පවතින දෙයක් කළ යුතුව තිබුණා. ඒ අනුව අදාළ මුදල් ප්‍රතිපාදනවලින් විධිමත් වැඩපිළිවෙළක් මේ විටත් ක්‍රියාත්මක කර තිබෙනවා.

මා අමාත්‍යාංශය භාර ගැනීමට පෙර සිටම මහවැලි අමාත්‍යාංශය ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් සිටියා. ඒ බව කෝප් කමිටුව හමුවේත් සාකච්ඡාවට ගනු ලැබුවා. එහිදී හෙළි වූ ඉඩම්, ඉඩම් බදු ලබාදීම් ඇතුළු ප්‍රශ්නගත කාරණා කිසිවක් මාගේ වසරක අමාත්‍ය ධූර කාලයට අදාළ නෑ. ඒවා මීට වසර 20ක සිට පවතින ප්‍රශ්න. ඒ නිසා මේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ‘ඉඩම් අයිතිය නිවසටම’ කියන වැඩසටහනක් අපි අලුතින් ආරම්භ කළා.

මෙහි පළමු අදියර යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මහවැලි කලාපයේ පදිංචිකරුවන්ට ඉඩම් හිමිකම් පත්‍ර 20,000ක් ලබාදී තිබෙනවා. තවත් ඉඩම් හිමිකම් පත්‍ර 15,000ක් මේ මස දෙවැනි සතියේ සිට ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. වසර 05කට වැඩි කාලයක් තිස්සේ ඉඩම් හිමිකම් නොමැති පවුල්වලට මෙසේ ඉඩම් ඔප්පු ලබාදීමට නියමිතයි. ඇතැමුන්ට වසර 50කටත් වැඩි කාලයක් තිස්සේ ඉඩම් හිමිකම් පත්‍ර ලැබී තිබුණේ නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මහවැලි කලාපයේ ඉඩම් ඔප්පු ලබාදීමේ ක්‍රමවේදය නව වැඩපිළිවෙළකින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වලව ජලාශයෙන් ජලය ලබාදීමේ ගැටලුවක් මේ වන විට උද්ගත වෙලා තිබෙනවා. වලව ජලාශය හරහා ජලය ලබාගෙන කුඹුරු හෙක්ටයාර් 25,000 ක් පමණ වගා කටයුතු සිදු කෙරෙනවා. ඒ වගේම අතුරු බෝග හෙක්ටයාර් 8000ක ප්‍රමාණයකුත් වගා කරනවා. එවැනි තත්ත්වයක් තුළ කුඹුරු සඳහා ජලය ලබාදීමේ ගැටලුවක් දැන් ඇතිව තිබෙනවා.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ගොවිතැන් සඳහා ජලය ලබා දෙනවාද?, අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදෙනවා ද? යන ගැටලුවත් මේ අවස්ථාවේ උද්ගත වී තිබෙනවා. නමුත් වගා ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් වශයෙන් අප උත්සාහ දරමින් සිටිනවා. මෙහිදී රටේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

පවතින වියළි කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් පසුගියදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වුණා. එහිදී විදුලි බලය විසන්ධි නොකරන වැඩපිළිවෙළකට යාමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණා.

කෙසේ නමුත් වියළි කාලගුණයත් සමඟ විදුලිය ලබා දෙන විදුලි ජනක යන්ත්‍ර (ජෙනරේටර්) සහිත නෞකා මඟින් විදුලිය ලබා ගැනීමේ කටයුත්ත කඩිනම් කළහොත්, විදුලි අර්බුදයත් විසඳා ගන්නා අතරේ ගොවීන්ට අවශ්‍ය ජලය ලබාදීමටත් හැකියාව තිබෙනවා. මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයත් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27