බේරුවල පාළු ඉඩමක නවතා තිබූ ත්‍රිරෝද රථයක් ළඟ පුද්ගල මළ සිරුරක් (ඡායාරූප)

බේරුවල, හෙට්ටිමුල්ල ගාලු පාරේ පාළු ඉඩමක නවතා තිබූ ත්‍රිරෝද රථයක් අසල තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

බේරුවෙල පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (26) රාත්‍රියේ මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල, මොරගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු වන දෙදරු පියෙක්.

මෙම පුද්ගලයා වාද්දූව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය නියුතු 35 හැවිරිදි විවාහක කාන්තාවක් සමඟ ඊයේ (26) සවස මෙම පාළු ඉඩමට පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් ත්‍රිරෝද රථය එම ඉඩමේ නවතා එහි පැයක් පමණ කාලයක් රැඳී සිට ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා සමඟ පැමිණි කාන්තාව විසින් බේරුවල පොලිසියට සිදුකළ දැනුම්දීමක් මතයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

අදාළ කාන්තාව මියගිය පුද්ගලයා කලක සිට හඳුනන බවත් පොලිසියට පවසා තිබෙනවා.

ඇය පොලිසියට ලබා දී තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් සහ ඒ අවට ආරක්ෂක කැමරා දර්ශන මෙන්ම දෙදෙනාගේ දුරකථන වාර්තා දත්ත ද විමර්ශනය කරමින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයා සහ මෙම කාන්තාව අතර පැවැති සම්බන්ධතාව පිළිබඳ තවමත් අනාවරණය වී නැහැ.

මළ සිරුර සම්බන්ධයන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (27) උදෑසන සිදුකිරීමෙන් පසු මෘත ශරීරය කළුතර – නාගොඩ ශික්ෂණ රෝහල වෙත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රැගෙන ගොස් තිබෙනවා.

බේරුවල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?