බෙල්ලන්විල පෙරහර මංගල්‍යයට සජිත්ගෙන් ලක්ෂ පහක්

පෙරහැර සංස්කෘතිය රැක ගෙන අභියෝගවලට විසදුම් සොයා රටේ සුරක්ෂිතභාවය නැවත නැවතත් තහවුරු වන ජාතික ඒකාග්‍රතාවෙන් ඉදිරියට යන රටක් ලෙස පරිවර්තනය විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

76 වැනි වරටත් පැවැත් වූ බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යය ඊයේ (14) දින වීථි සංචාරය කළ අතර, ඒ සඳහා එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

වසර කිහිපයක් තුළ සිදුවූ ඛේදවාචක රැසක් නිසා අප රට යම් අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවත්, රටක් අවදානම් තත්ත්වයකට පත්වන විට රටින් බාහිර බලවේග හැමවිටම උත්සාහ දරන්නේ විවිධ අධිරාජ්‍යවාදී ඉලක්ක අරමුණු ආධිපත්‍ය විවිධාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට බවයි ඔහු මෙහිදී පැවසුවේ.

රට තුළ තිබෙන විවිධ අවදානම් තත්ත්ව මුල් කර ගෙන වක්‍ර ආක්‍රමණික ක්‍රියාවලි සූක්ෂම ලෙස ගෝලීය දකුණේ ක්‍රියාත්මක වන බවත්, මෙවැනි අවස්ථාවක රටක් ලෙස එකට එකතු වී මෙම බාහිර කුමන්ත්‍රණවලට අප රට ගොදුරක් බවට පත් කර ගන්න දරන සෑම උත්සාහයක්ම පරාජය කළ යුතු බවයි විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේ.

මේ අතර බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණි විපක්ෂ නායකවරයා බෙල්ලන්විල පෙරහැර මංගල්‍යයේ උන්නතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 05ක මූල්‍ය පරිත්‍යාගයක් ද මෙහිදී සිදුකළා.