බුස්සෙන් STF එක ඉවත්කර ලෙස මිදිගම රුවන්ගෙන් පෙත්සමක්; විභාගයට ගන්නවා ද නැද්ද තීරණය සැප්තැම්බරයේ

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 01 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන ජේ.ඒ. රුවන් කුමාර හෙවත් ‘මිදිගම රුවන්’ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.,

එම පෙත්සම අද (17) සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවත්, එහි අභ්‍යන්තර හා බාහිර කටයුතුවලට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදවාගෙන තිබෙන බවත් චෝදනා කළා.

අදාළ බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට ප්‍රකාශයට පත්කර තිබෙන්නේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා විසින් බවත්, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට එවැනි නියෝගයක් නිකුත් කිරීමට බන්ධනාගාර පනත යටතේ බලය නොමැති බවත් නීතිඥවරයා මෙහිදී සඳහන් කර සිටියා.

එවැනි නියෝගයක් නිකුත් කළ හැක්කේ විෂය භාර අමාත්‍යවරයාට පමණක් යැයි පෙන්වා දුන් එම නීතිඥවරයා බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතුවලට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදාගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි පෙන්වා දුන්නේ.

බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතු බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ යුතු වුවත් බන්ධනාගාරය තුළ පරීක්ෂා කිරීම්, වැටලීම් ආදී කටයුතු සිදුකිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ගෙනෙන අතර ඔවුන් අතින් රඳවියන් දැඩි අමානුෂික සැලකීම්වලට භාජනය වන බවද නීතිඥවරයා චෝදනා කර සිටියා.

ඒ අනුව අදාළ බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසයි.

බන්ධනාගාර පනතේ 77(5) වගන්තිය ප්‍රකාරව බන්ධනාගාර කටයුතු සඳහා පොලිස් නිලධාරින්ගේ සහාය ලබා ගැනීමට හැකියාව තිබෙන බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ද පොලිස් දෙපාර්තමේන්තුවේ අංශයක් බැවින් ඔවුන් එම කටයුතුවලට භාවිත කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව සඳහන් කළා.

පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී මෙම පෙත්සම්කරු භාරයේ තිබී දුරකථනයක් සොයා ගැනුණු අතර බන්ධනාගාර තුළ පවතින තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද යොදවා තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී පෙන්වා දුන්නා.

දුරකථන ඇතුළු තහනම් ද්‍රව්‍ය භාවිත කරමින් බන්ධනාගාර තුළ සිට මෙහෙයවන අපරාධ ක්‍රියා වැළැක්වීමේ අරමුණින් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදාගෙන ඇතැයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා බූස්ස බන්ධනාගාරය තුළ නිදහසේ දුරකථන භාවිත කරමින් එය අපරාධ මෙහෙයවන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර ගැනීමේ අරමුණින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවටත් චෝදනා කළා.

පෙත්සම්කරු පිරිසිදු දෑත්වලින් මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත්, එය විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බැවින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා අගෝස්තු මස 25 වනදාට පෙර ගොනු කරන ලෙස දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළා.

ඉන් අනතුරුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන තීරණය සහ පෙත්සමෙන් ඉල්ලා තිබෙන අතුරු සහන ඉල්ලීම් පිළිබඳ නියෝග සැප්තැම්බර් මස 01 ප්‍රකාශයට පත්කරන බවත් විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?