බුදු දහමට අපහාස කළ චීවරධාරියා රිමාන්ඩ්

බුදු දහමට අපහාස වන ආකාරයෙන් හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් චීවරධාරියා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

විශ්ව බුද්ධා නමින් පෙනී සිටිමින් බුදු දහමටට අපහාස වන අයුරින් හැසිරුණු සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ කලගෙඩිහේන ප්‍රදේශයේදී යි.

මෙහිදී කොළඹ ප්‍රධාන මහේත්‍රා ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සඳහන් කළේ සුනඛයෙකුට බුද්ධ චීවරයක් අන්දවන ස්වාමීන් වහන්සේ නමක් සිටී නම් ඒ තක්කඩියෙක් මිස ස්වාමින් වහන්සේ නමක් නොවන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රත්නපුරේ විමල බුද්ධි නොහොත් විශ්ව බුද්ධි මුණි යනුවෙන් හඳුන්වන පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිමින් නීතිඥවරයා මේ බව ප්‍රකාශ කළා.

පුද්ගලයකු මහණදම් පුරන්නේ නිවන් දැකීමට මිස ජෝගි නැටීමට නොවන බවත් රත්නපුරේ විමල බුද්ධි නොහොත් විශ්ව බුද්ධිමුණි යනුවෙන් පෙනී සිටින මෙම පුද්ගලයා කනට කරාබු දමන සිගරට් ගංජා අරක්කු භාවිතා කරන කාන්තාවන්ද ඇසුරු කරන පුද්ගලයකු බවද නීතිඥවරයා සඳහන් කළා.

බුද්ධාගමට වින කරන ආගම් අතර වෛරය ක්‍රෝධය ඇති කරන මෙවැනි පුද්ගලයන් ජරාම්ගේ අනුගාමිකයන් යැයි තමන් සිතන බව ද මෙවැනි පුද්ගලයන් ඩොලර්වලට ගිජුව මෙවැනි ක්‍රියාකාරකම්වල යෙදෙන බව ද ඒ මහතා අධිකරණය හමුවේ කියාසිටියා.

මෙරට සිටින සීලවන්ත භික්ෂූන් වහන්සේලාට නිගාවන ආකාරයෙන් මෙන්ම ආගම් අතර වෛරය ඇතිවන ආකාරයෙන් ක්‍රියාකරන මෙම පුද්ගලයා සහසික අපරාධකාරයෙක් බවද ඔහු අනිවාර්යෙන්ම සිරගත කර ඔහුගේ මානසික තත්ත්වයන් සොයා බැලිය යුතු බවද නීතිඥ ගුණරත්න වන්නිනායක සඳහන් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකාර චීවරධාරියා අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී එම දෙපාර්තමේන්තුව කියා සිටියේ මොහු වරෙක භික්ෂූන් වහන්සේ නමක් ලෙස පෙනී සිටින බවත් තවත් වරෙක සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස පෙනී සිටින බවයි.

භික්ෂූන් වහන්සේ නමක් නම් විහාරස්ථානයක හෝ ආරණ්‍යක වැඩ සිටිය යුතු වුවද මෙම චීවරධාරියා අංක 1/32, ඉතිහාරිය කලගෙඩිහේන ලිපිනයෙහි නිවසක නවාතැන් ගෙන සිටිමින් සිටිමින් ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලය උපයෝගී කරගනිමින් බුදු දහමට නිගාවක් වන ආකාරයේ ක්‍රියාකාරකම්වල යෙදෙන බවට සිදු කළ විමර්ශනවලදී කරුණු හෙළි කර ගත් බවද එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

බුද්ධ චීවරය සුනඛයෙකුට ඇන්දවිය යුතු දෙයක් බවට කරුණු සමාජගත කර ඇති බවත් එමෙන්ම මෙම පුද්ගලයා වාහන භාවිතා කරමින් කාන්තාවන් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ බව පෙනී යන බවද එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගත් බවත් මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවකු බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇති බව ද සඳහන්.

කිසියම් සංවිධානාත්මක පිරිසක් මෙම පුද්ගලයා පිටුපස සිටින බවට තොරතුරු හෙළිවී ඇති බවද පැවසූ එම පාර්තමේන්තුව වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පුද්ගලයාට ඇප ලබා දුනහොත් බෞද්ධ ජනතාව අතර නොසන්සුන්කාරී තත්වයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සැකකාර චීවරධාරියා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැක්වූ කරුණු සැලකිල්ලට ගත් ප්‍රධාන මහේත්‍රාත්වරයා සැකකාර චීවරධාරියා මෙම 19 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසද නියෝග කර තිබෙනවා.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක, මනෝජ් ගමගේ ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියා.

මේ අතර සැකකාර චීවරධාරියාට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගිහි පැවිදි පිරිසක් විසින් අධිකරණ භූමිය ඉදිරිපිට විරෝධතාවක් ද සංවිධානය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
11
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03