බිරිඳට මරණ තර්ජනය කර Tiktok වීඩියෝවක් පළ කළ අයෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍යය ඉදිරියේ තම කුඩා දියණියට පරුෂ වචනයෙන් බැණ වැදී; හැරගිය බිරිඳ යළි ගෙන්වා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාර පුද්ගලයාව අද (05) පස්වරුවේ අත් අඩංගුවට ගත් බවයි තඹුත්තේගම පොලිසිය පැවසුවේ.

සැකකරු විසින් සිය වයස අවුරුදු 06 පමණ වන දියණිය ව ළඟ තබා ගෙන අසභ්‍ය වචනවලින් බැණ වදින ආකාරයත්; පවුල් ආරවුලක් හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක සිට නිවසින් වෙන් ව ගොස් සිටින දරුවාගේ මවට ද මරණ තර්ජන එල්ල කරමින් මෙම පුද්ගලයා විසින් සිය ටික්ටොක් ගිණුමෙහි වීඩියෝ කිහිපයක් ම පළ කර තිබෙනවා.

ඔහු සඳහන් කරන පරිදි ඔහු එම වීඩියෝ පළ කර ඇත්තේ; සිය බිරිඳ කුමන අවස්ථාවක හෝ ඒවා නරඹයි යන අදහස පෙරදැරි කරගෙන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙම සැකකරුව අද පස්වරුවේ තඹුත්තේගම පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර හෙතෙම 27 හැවිරිදි මල්වානේගම- ඇල්ලෑව ගමේ පදිංචි ජයකොඩි ආරච්චිලාගේ සමන් කරුණාරත්න නමැති අයෙක්.

සැකකරුගේ බිරිඳ මැයි මස 24 වැනි දින පවුල් ආරවුලක් හේතුවෙන් ලිපියක් ලියා තබා නිවසින් පිටව ගොස් තිබෙනවා.

තම බිරිඳ නොමැති හේතුවෙන් මෙම සැකකාර පුද්ගලයා තම දරුවා සමග වීඩියෝ කර බිරිඳට හා දරුවාට පරුෂ වචනයෙන් බැණ; මරණ තර්ජනය කරන වීඩියෝ අන්තර්ජාලයේ ප්‍රචාරය කිරීමයි කටයුතු කර ඇත්තේ.

මෙම කුඩා දැරිවියගේ මව තමන් ව සහ දරුවා ව අතහැර ගොස් ඇති බවට සැකකරු විසින් පොලිසියට මීට පෙර පැමිණිල්ලක් ද සිදු කර තිබෙන බවත් පොලිසිය පැවසුවා.

සිද්ධිය පිළිබඳ ව වැඩිදුර තොරතුරු තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂක සාගර ලියනගේ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යය අංශයේ නිලධාරීන් විසින් පවත්වනු ලබන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31