පන්සලක නිදන් හොයන්න ගිය තුනකට වැඩ වරදී

විහාරස්ථානයකට අයත් භූමියක පිහිටි ගලක් ආසන්නයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීමක් සිදු කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බුලත්සිංහල පොලිස් වසමේ බෝතලේගම – හිගුරකන්ද ප්‍රදේශයේදී යි.

අදාළ ස්ථානයේ කැණීම් සිදුකරන බවට බුලත්සිංහල පොලිසිය වෙත ලැබුණ තොරතුරකට අනුව පොලිසිය විසින් එම ස්ථානය වැටලීම සිදුකර ඇති අතර ඒ වන විටත් ඔවුන් එම ස්ථානයේ කැණීම් සිදු කරමින් සිට තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කැණීම් සඳහා භාවිත කරන උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් වයස අවුරුදු 35ත් 50ත් අතර පසුවන බුලත්සිංහල සහ හොරණ ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51