ඉරානය සහ ඇමරිකාව අතර පවතින යුදමය තත්ත්වය යළි උත්සන්න වීමත් සමඟ ඉහළ ගිය බොරතෙල් මිලෙහි සුළු පහළ යෑමක් මේ වනවිට පෙන්නුම් කරනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (11) දිනයේ ඩොලර් 108.2ක අගයක් ගෙන තිබූ අතර අද (12) දිනයේ මේ වනවිට එය ඩොලර් 104.6 දක්වා පහත බැස තිබෙනවා.
එමෙන්ම WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (11) දින සටහන් වූයේ ඩොලර් 103.3ක් ලෙසයි.
කෙසේ වෙතත් මේ වනවිට එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද දිනය වනවිට ඇමරිකානු ඩොලර් 100ක් දක්වා පහත වැටී ඇති ආකාරය වෙළඳපොළ වාර්තාවල දැක්වෙනවා.
මීට අමතරව මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (11) දිනයේ ඩොලර් 122.4ක් දක්වා ඉහළ අගයක් ගෙන තිබූ අතර, එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද දිනය වනවිට ඇමරිකානු ඩොලර් 119.5ක් දක්වා පහත වැටී තිබෙනවා.
හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉරාන බලධාරීන් පිරිසක් ඕමානය බලා පිටත්ව යන බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමඟ මෙලෙස ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත ගොස් තිබෙනවා.













