කඩුගන්නාවේ නායයෑම් අවදානම මත ඩොලර් මිලියන 101ක ව්‍යාපෘතියක්

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයෑම් අවදානම අවම කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත ස්ථායිකරණ ක්‍රමවේද සහ ඉඩම් අත්පත් කර ගැනීමේ ඉදිරි කටයුතු පිළිබඳව බලපෑමට ලක්වන පාර්ශව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (11) පැවැත්වුණා.

ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක සහ කෑගල්ල දිසාපති කේ.ජී.එස්. නිශාන්තගේ ප්‍රධානත්වයෙන්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී මෙය පැවැත්වුණා.

එහිදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සකස් කරන ලද නායයෑම් ආපදා කලාප සිතියමට අනුවට, කඩුගන්නාව ප්‍රදේශයේ දිට්වා සුළි කුණාටුව සහ ඊට පෙර ඇති වූ නායයෑම් තත්ත්වයන් සැළකිල්ලට ගනිමින්, එම ප්‍රදේශයේ කිලෝමීටර් 96 සිට 99 දක්වා ප්‍රදේශය නායයෑම් අධි අවදානම් කලාපයක් ලෙස හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙම ප්‍රදේශය ආවරණය වන පරිදි නායයෑම් අවදානම අවම කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිය පිළිබඳව අවධානය යොමු කර ඇති බව සඳහන්.

2027 දෙසැම්බර් අවසන් කිරීමට බලාපොරොත්තු වන මෙම ව්‍යාපෘතියේ කටයුතු සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AAIB) විදේශ ණය ආධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 80ක් සහ ශ්‍රී ලංකා රජයේ ඇමරිකානු ඩොලර් මිලියන 21.3කින් යුතුව ඇමරිකානු ඩොලර් මිලියන 101.3ක මුදලක් වෙන්කර තිබෙනවා.

එමෙන්ම මෙම ව්‍යාපෘතියට අදාළ පාරිසරික හා සාමාජීය කරුණු මෙන්ම, බලපෑමට ලක්වන අධි අවදානම් නිවාස සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉදිරිපත් කර ඇති යෝජිත ඉඩම් අත්පත් කර ගැනීමේ වැඩසටහන පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇති බව සඳහන්.

මෙමඟින් බලපෑමට ලක්වන ප්‍රදේශවල ජනතාවට තම ගැටලු ඉදිරිපත් කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීමටද මෙහිදී අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27