සයිනෝපෙක්, අයි.ඕ.සී සහ ආර්.එම්. පාර්ක් සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් බවතින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික ඩි.වී ශාන්ත සිල්වා පවසනවා.
මේ අතර බෙදුම්කරුවන්ට ලබාදී තිබූ වට්ටම් මුදල් කපා හැරීම තුළ ඉන්ධන පිරවුම්හල් කරගෙන යාමේ නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම නිසි ආකාරයෙන් ඉන්ධන ලබානොදීම තුළ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ඒවා කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත්, වෙනත් සතිවල පිරවුම්හල් වෙත ඉන්ධන ලෝඩ් 15ක් පමණ ලැබුණ ද මේ වනවිට ඉන්ධන ලෝඩ් තුනක්, හතරක් මට්ටමට එය අඩු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.













