spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිත්තර විකුණා උපයා ගත් නම ලක්ෂ හැටදාහක ආදායම කුඩ්ඩෙක් උස්සලා

තඹුත්තෙගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ව්‍යාපාරිකයකුගේ මුදල් සොරකම් කර ඇති බවට තඹුත්තේගම පොලිසිය පවසයි.

ඉකුත් 2දා යාපනය ප්‍රදේශයට ගොස් බිත්තර විකුණා ආරච්චිකට්ටුව බලා යමින් සිටි දී තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු රැගෙන යාමට නතර වු ලොරියක් තුළ තිබී මෙම මුදල සොරාගෙන ඇති බවට තඹුත්තේගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

ආරච්චිකට්ටුවේ සිට යාපනයට බිත්තර රැගෙන ගොස් විකුනා ලැබෙන මුදලින් තම ප්‍රදේශයට එළවළු රැගෙන යාමට එම ව්‍යාපාරිකයා පුරුද්දක් කොට ගෙන තිබේ. තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය 3වන දින උදෑසන 4.45 පමණ විවෘත කර තිබේ .

ව්‍යාපාරිකයා සහ ඔහුගේ පුතා අවශ්‍ය එළවළු රැගෙන තම වාහනයට පැමිණි තිබේන්නේ උදෑසන හයට පමණය. ව්‍යාපාරිකයා සහ ඔහුගේ පුතු උදෑසන 6ට පමණ නිවස කරා යාමට පිටත් වෙන අවස්ථාවේ දී තම වාහනය තුළ ඇති පාපිස්ස යට සඟවා ඇති මුදල් ගැන සොයා බලන අවස්ථාවේදී මුදල් අස්ථානගත වී ඇති බවට ඔවුන් දැන ගෙන තිබේ.

අනතුරුව තඹුත්තේගම පොලිසියට ගොස් පැමිණිල්ලක් කළ බවට පොලිසිය පවසයි.

වහා ක්‍රියාත්මකවන තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරීන් ක්ෂණික මෙහෙයුමක් පටන් ගෙනතිබේ

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ එම්.ටී.එච්.පතිරාජ නුවන් ගමගේ නොහොත් භවන්ත යන තිස් එක් හැවිරිදි එක්දරු පියෙකි. සැකකරු සොරාගන්නා ලද මුදලින් හත් ලක්ෂ හැත්තෑදසක මුදලක් තම නිවස අසල වසා දමා ඇති ව්‍යාපාරික ස්ථානයක මෙට්ටයක් කපා එහි තුල සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ඉතිරි මුදලින් ඔහු විසින් මත්ද්‍රව්‍ය පාවිච්චිය සඳහා වියදම් කළ බවට මූලික පරීක්ෂණ වලින් සොයාගෙන ඇති බවට පොලිසිය පවසයි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 2යි, මිලි ග්‍රෑම් 700ක් අත්අඩංගුවට ගත් බවට ද තඹුත්තේගම පොලිසිය පවසයි.

සැකකරු විසින් මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා තවත් මුදල් ලබාදී ඇති බවට ද පොලිසියෙන් විසින් තොරතුරු සොයාගෙන තිබේ.

මේ සැකකරු තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළ දිනපතා සේවය කරන නාට්ටාමි වරයෙකු බවටත් ඔහු තදින්ම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි ඌවකෞ බවද පොලිසිය පවසයි.සැකකරු තඹුත්තේගම ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?