බිත්තරය නිසා රටපුරා හෝටල් බදාදා වැසෙයි ද ?

ඉදිරි දින දෙක තුළ බිත්තර ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණහොත් මුළු රටේම හෝටල් සහ ආපනශාලා ලබන බදාදා වනවිට සම්පූර්ණයෙන්ම වැසී යනු ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් අනතුරු අඟවනවා.

ඇල්පිටිය ප්‍රදේශයේ දී ඊයේ (12) මාධ්‍යවෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

මේ වනවිට පවතින බිත්තර හිඟය හේතුවෙන් කොත්තු, ෆයිඩ් රයිස්, ආප්ප, බිත්තර රොටි, බිත්තර රෝල්ස්, කේක්, පුඩින් ඇතුළු ආහාර වර්ග කිහිපකම නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වෙළෙඳ අමාත්‍යාංශය ඇතුළු වගකිවයුතු සියලු අංශ මැදිහත්ව බිත්තර සංගම් සමඟ සාකච්ඡා කර මෙම ගැටලුවට වහාම විසඳා ගතයුතු බවයි ඔහු පවසන්නේ.

එසේ නොවුවහොත් ප්‍රශ්නය බරපතළ වනු ඇති බවත් සභාපතිවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48