බාල වයස්කාර පිරිමි දරුවෙකුට හදි කළ හිමි නම සිපිරිගෙට

බාල වයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කිරීම යන චෝදනාව යටතේ හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් චීවරධාරියකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (03) දින නියෝග කළා.

මෙලෙස බන්ධනාගාරගත කරන ලද්දේ හෝමාගම – කටුවාන – දුවවත්ත පාර ප්‍රදේශයේ අසපුවක් නමින් පවත්වාගෙන යනු ලබන ස්ථානයක වැඩ විසූ ‘බලනවිජිත’ නම් චීවරධාරියෙක්.

මෙම චීවරධාරියාට එරෙහිව මීට පෙර ද බාලවයස්කාර පිරිමි දරුවකු අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇප මත සිටින අයෙකු බවත්; අලව්ව පොලිස් වසමේ ඒ ආකාරයෙන්ම පිරිමි දරුවකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ද හෝමාගම පොලිස් ස්ථානය මගින් අධිකරණය වෙත කරුණු අනාවරණය කෙරුණා.

මෙලෙස ලිංගික අපයෝජනයට ලක් වූ 16 හැවිරිදි පිරිමි දරුවාගේ හඳහන අනුව එම දරුවාට ශාන්තිකර්මයක් කළ යුතු බව එම දරුවාගේ දෙමාපියන්ට පවසා එම දරුවා රැගෙන විත් අසපුවේ තබා ගනිමින් ලිංගික අතවර කිරීමට සැරසී ඇති බවත් පසුව දරුවා සිරකර සිටි කාමරයෙන් පැන ගොස් චීවරධාරියා විසින් ලිංගික අතවර කිරීමට සැලසීම පිළිබඳ ව එම දරුවාගේ මවගේ ඥාතියෙකුට පැවසීමෙන් පසු එම දරුවාගේ මව විසින් හෝමාගම මූලස්ථාන පොලිසියට සිද්ධි සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර තිබුණා.

ඒ අනුව සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් එම අසපුව වෙත කිහිප වරක් ගිය ද සැකකාර චීවරධාරියා පලා ගොස් සිටි බව ද මෙහිදී පොලිසිය අධිකරණය හමුවේ කරුණු අනාවරණය කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

සති තුනක පමණ කාලයක් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි සැකකාර චීවරධාරියා නීතිඥවරයකු සමග හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පැවසුවා.

සැකකාර චීවරධාරියා වෙනුවෙන් නීතිඥවරුන් වන සුමිත් පරාක්‍රම, සමන්ත සුදේස්ප්‍රිය, කපිල කිස්සිරි සහ එරන්දි කෞශල්‍යයා යන නීතිඥවරුන් පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය පෙනී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මම කිව්ව එක විකෘති කරලා සමාජ මාධ්‍ය ගහන්නේ".. එදා කිව්ව කතාවට අද දෙන උත්තරය
02:37
Video thumbnail
අල්ලලා විසික්කරන්න කළින් ඉල්ලා අස්වෙන්න - තිස්සකුට්ටි ජනපතිට අනතුරු අඟවයි
05:17
Video thumbnail
අපි බලය බෙදාගත්තොත් නැවත යුද්ධයක් ඇතිවෙන්නේ නෑ
08:32
Video thumbnail
ඉරාන් ඇත්තටම ආදරේ ජලනි ප්‍රේමදාසටද ? ක්‍රිකට්වලටද ?..අසාධාරණ ප්‍රශ්නයක් මේ
04:23
Video thumbnail
රට පුරා මහා ජන රැළි කරන්න දැන් කාලය හරි
06:12
Video thumbnail
ක්‍රිකට්වලට මිලියන 47කට වඩා ඉතා විශාල මුදලක් වියදම් කරලා තියෙනවා..වෝහාරික විගණනයක් කරනවා
03:34
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44