බාල ඖෂධ යනුවෙන් ඖෂධ කාණ්ඩයක් ලොව කිසිම රටක නැහැ – ජ’පුර මහ රෝහලේ අධ්‍යක්ෂ

ලෝකයේ විශිෂ්ඨතම සෞඛ්‍ය පද්ධතියක් සහිත මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය රැකගැනීම රජයේ පමණක් නොව, සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා මහජනතාව මෙන්ම ජන මාධ්‍යයේ ද වගකීමක් බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ අවධාරණය කරනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කීර්තිය රැකගැනීමට නම් එහි විශිෂ්ඨත්වය රැකගත යුතු බවත් එහිදී සෞඛ්‍ය පරිපාලකයන්ට වගකිව යුතු කාර්යභාරයක් පැවරෙන බවත් ඔහු සඳහන් කළා.

බාල ඖෂධ යනුවෙන් ඖෂධ කාණ්ඩයක් ලොව කිසිම රටක නිෂ්පාදනය නොකරනන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙරටට ගෙන්වනු ලබන්නේ අදාළ රටවල මෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ ද ලියාපදිංචි කළ ඖෂධ පමණක් බවත් අධ්‍යක්ෂවරයා පවසනවා.

බටහිර වෛද්‍ය විද්‍යාවේ භාවිත වන ඖෂධ මඟින් සංකූලතාවයක් හෝ ආසාත්මිකතා ඇති වීම සාමාන්‍ය කරුණක් වන නමුත් ඒවා නිසි ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය ක්‍රමවේද වසර ගණනාවක සිට මෙරට ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කර සිටියා.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘වන් – ඕ – වන් කතා’ වැඩසටහන සමඟ එක්වෙමින්.

ඖෂධවලින් ඇතිවන සංකූළතා අවම කරගැනීමට රෝගීන්ගෙන් ලැබෙන සහාය ද ඉතා වැදගත් බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා ඖෂධ ආසාත්මිකතාවයක් සිදු වූ අවස්ථාවකදී අදාළ රෝහල තුළ සිදුවන කළමනාකරණයට අමතරව ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවියේ ඇති Pharmacovigilance පිටුව හරහා එවැනි සිදුවීම් ක්ෂණිකව වාර්තා කිරීමේ මාර්ගගත ක්‍රමවේදයක් මේ වන විටත් පවතින බවද පෙන්වා දුන්නා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ,

“ඖෂධ ආසාත්මිකතාවයක් සිදු වූ අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය ඇතුළත් මාර්ගෝපදේශ අපට තිබෙනවා. ඊට අමතරව අදාළ රෝහල තුළ සිදු වන කළමනාකරණයට අමතරව ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවියේ ඇති Pharmacovigilance (www.nmra.gov.lk) පිටුව හරහා එවැනි සිදුවීම් ක්ෂණිකව වාර්තා කිරීමේ මාර්ගගත ක්‍රමවේදයක් මේ වන විටත් පවතිනවා. ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියට ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ හැකියාව තිබෙනවා.
තමන් ලබා ගන්නා ඖෂධ මෙන්ම ආසාත්මිකතා ඉතිහාසයක් ඇත්නම් ඒ පිළිබඳව වෛද්‍යවරයාට පැවසීම අනිවාර්යයෙන්ම රෝගියකු විසින් සිදුකළ යුතුයි. සමහර රෝගීන් ඉන්නවා දෛනිකව ලබාගත යුතු ඖෂධ නොගෙන රෝගී තත්ත්වයේ පාලනයක් නොමැති බව පවසනවා. එවිට වෛද්‍යවරයා විසින් එහි මාත්‍රාව වැඩි කර ලබාදෙනවා. එසේ සිදුවුවහොත් රෝගියාට දැඩි අවධානමකට ලක් වීමට සිදු වෙනවා. මම ඊට හොඳ උදාහරණයක් කියන්නම්.
මෑතකදී මගේ මිතුරකුගේ පියා මිය ගිය බව දැන ගන්න ලැබුණා. යම් රෝගී තත්ත්වයකට දිනපතා ඖෂධ ගත යුතු අයෙක් වුවත් ඔහු ඒ සඳහා යොමු වී නැහැ. කෙසේ හෝ ඔහු රෝගාතුරව වෛද්‍යවරයා වෙත පැමිණි අවස්ථාවේ ඒ බව සඳහන් කරත් නැහැ. ඔහු වෛද්‍යවරයාට කියා තිබෙන්නේ නියම කර ඇති ඖෂධය නියමිත මාත්‍රාව අනුව ගන්නා බවයි. ඒ අනුව වෛද්‍යවරයා එම මාත්‍රාව වැඩි කරනවා. අවසානයේ ඔහුගේ මරණය සිදුවන්නේ ඒ ඖෂධ මාත්‍රාව වැඩි කර ලබාදීම නිසයි. මගේ මිත්‍රයා මා සමඟ පැවසුවේ එය රෝහලේ හෝ වෛද්‍යවරයාගේ වරද නෙවෙයි තම පියා ඖෂධ නිසියාකාරව නොගැනීමත්, සත්‍ය තොරතුරු වෛද්‍යවරයාට ලබා නොදීමත් නිසා සිදු වූ දෙයක් කියලයි. මේ එක් උදාහරණයක් පමණයි. ඒ නිසා නිතරම වෛද්‍යවරයාට සත්‍ය තොරතුරු ලබා දිය යුතුයි. එසේම වෛද්‍ය උපදෙස් ඒ අයුරින්ම පිළිපැදිය යුතු වෙනවා. ඇ‍ඳෙන් බහින්න එපා කියනවා නම් එය ඒ ආකාරයෙන්ම සිදු විය යුතුයි.
බාල ඖෂධ යනුවෙන් ඖෂධ කාණ්ඩයක් කිසිම රටක නිපදවන්නේ නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙන්වන්නේ ඒ ඒ රටවල ලියාපදිංචි කරන ලද, ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කළ ඖෂධ පමණයි.හදිසි මිල දී ගැනීමකදී වුවත් ගෙන්වන්නේ අදාළ රටවල ලියාපදිංචි ඖෂධ පමණයි. රජයට හා පුද්ගලික අංශයට කියා වෙන වෙනම ඖෂධ නිශ්පාදනය කරන්නේ නැති බව විශේෂයෙන් කිව යුතුයි. ශ්‍රී ජයවර්ධනපුර රෝහල ගතහොත් මේ සියල්ල පිළිබඳ ඉහළ කළමනාකාරීත්වයක් තිබෙන රෝහලක් ලෙස හැඳින්විය හැකියි. මීට දින කිහිපයකට පෙරත් දැඩි ආසාත්මිකතාවයක් පවතින මාර්ගෝපදේශ මත නිසි ලෙස කළමනාකරණය කිරීමට අප කටයුතු කර තිබෙනවා. ඖෂධ පිළිබඳ බියක් ඇති කිරීම තුළින් සිදු වෙන්නේ විශාල හානියක්. මොකද පසුගිය කාලය තුළ වාර්තා වූ සිදුවීම් මේ වසරේ පමණක් සිදු වූ ඒවා නෙවෙයි. සාමාන්‍යයෙන් සෑම වසරකම එවැනි සිදුවීම් වාර්තා වෙනවා. ඖෂධ හෝ රෝහල්වලින් රෝගීන් ඈත් කර වීමට මෙවන් සිදුවීම් කිසිවෙකුත් භාවිතා නොකළ යුතුයි.
ශ්‍රී ලංකාව සහ කොස්ටරීකා රාජ්‍යය ලෝකයේ විශිෂ්ඨතම සෞඛ්‍ය පද්ධතිය ඇති රටවල් ලෙස හැඳින්වුණා. එවන් විශිෂඨ සෞඛ්‍ය පද්ධතියක් විනාශ කිරීමට දායක වුව හොත් එය අප විසින්ම අප විනාශ කර ගැනීමක් වෙනවා. නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය රැක ගැනීමට රජය, මාධ්‍යය, සෞඛ්‍ය සේවකයින්, රෝගීන් මෙන්ම මහජනතාවද එක්ව කටයුතු කළ යුතුයි. විශේෂයෙන් සෞඛ්‍ය පරිපාලකයන් කෙටි කාලීන අවශ්‍යතා මත සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමට අනුබල නොදිය යුතුයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කීර්තිය රැක ගැනීමට නම් එහි විශිෂ්ඨත්වය රැක ගත යුතු වෙනවා. එහිදී සෞඛ්‍ය පරිපාලකයන්ට වගකිව යුතු කාර්යභාරයක් තිබෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03