පුංචි පහේ ගෝලයා ගැන සංගාගෙන් සහතිකයක්

ඉන්දීය යොවුන් ක්‍රීඩක විභව් සූර්යවංශි මේ වන විට ලෝකය පුරාවට ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර වඩාත් කතා බහට ලක්ව ක්‍රීඩකයෙක්.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයේදී ද සුපිරි දස්කම් දැක්වීමට සමත් වූ 15 හැවිරිදි සූර්යවංශි, රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම තරගවැදුණු අවසන් තරග දෙකේදී ද ලකුණු 96ක් සහ 97ක් රැස්කර ගැනීමට සමත් වුණා.

මෙලෙස දස්කම් දැක්වූ සූර්යවංශිව රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, කුමාර් සංගක්කාර විසින් ඇගයීමට ලක්කර තිබෙනවා.

ඊයේ (29) පැවති අවසන් පූර්ව තරගයේ පරාජයට පත්වීමෙන් අනතුරුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයේ සිය කණ්ඩායමේ ගමන් මඟ සම්බන්ධයෙන් අදහස් පළකරමින් කුමාර සංගක්කාර කියා සිටියේ විභව් සූර්යවංශි, ලෝකයේ විශිෂ්ඨ පන්දුයවන්නන් ඉදිරියේ දස්කම් දැක්වීමට සමත් වූ බවයි.

එමෙන්ම ඔහුට ලැබෙන අභියෝගයකට වඩා ඉහළ අභියෝගයක් භාර ගැනීමට ඔහු සූදානම් සිටින බවත් සංගක්කාර පවසා සිටියා.

මේ හේතුවෙන් විභව් සූර්යවංශිට ඉතා ඉක්මනින් බලාපොරොත්තු වන කැඳවීමක් ලැබෙන බවට තමන් විශ්වාස කරන බවත් කුමාර සංගක්කාර පෙන්වා දී තිබෙනවා.

තවමත් 15 හැවිරිදි වියේ පසුවන සූර්යවංශි ඉන්දීය ජාතික කණ්ඩායාම වෙනුවෙන් ජ්‍යාත්‍යන්තර වරම් හිමිවිය යුතු බවට ලොවපුරා ප්‍රේක්ෂකයින් මෙන්මක්‍රිකට් විචාරකයින් පවා මත ප්‍රකාශ කරමින් සිටින අතරතුර සංගක්කාර විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03