බස් රථ රියදුරාට කඩු සෙල්ලං පෙන්වූ අඹුසැමි යුවළ රිමාන්ඩ්

බස් රථ රියදුරෙකුට කඩුවකින් පහරදීමට තැත්කිරීමේ සිද්ධිය දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

දිවුලපිටිය නගරයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර, මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් පෙරේදා (13) දිනයේ අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය සඳහන් කළා.

බස් රථ රියදුරා සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සැමියා බිරිඳ සහ ඔවුන්ගේ මිතුරෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා ඊයේ (14) දිනයේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය
වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ඔවුන්ව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

දිවුලපිටිය නගරයේ දී ධාවනය වෙමින් තිබූ බස් රථයකට පිටුපසින් පැමිණි මෝටර් රථයක් එකවරම බස් රථයට හරස් කර නවතා එහි සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බස් රථයේ රියදුරු වෙත කඩුවක් අතැතිව පහරදීමට උත්සාහ කර තිබුණා.

එම සිදුවීම බස් රථය තුළ සිටි මගියෙකු විසින් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබූ අතර, ඒ පිළිබදව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08