හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ, ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (21) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලංකා පොස්පේට් සමාගම මඟින් විධිමත් පටිපාටියෙන් බාහිරව තෝරාගත් සමාගම් තුනක් පමණක් පොස්පේට් අපනයනය සඳහා පහසුකම් සැලසීමේ සිද්ධියකට අදාළව, රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනා මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගත් සැකකරු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය පියවර ගැනීම සඳහා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.













