AFC Banner
Empty Ad
Empty Ad

බස් අනතුරකින් 16කට තුවාල (වීඩියෝ)

කළුතර මතුගම ප්‍රධාන මාර්ගයේ ගල්අස්සහේන ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද උදෑසන මෙම අනතුර සිදුවී ඇත්තේ මතුගම සිට කළුතර දෙසට ධාවනය වූ බස් රථයක් ඉදිරියේන් ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් දකුණට හැරවීමට යාමේදී එහි ගැටීමෙන්.

අනතුරින් බස් රථයේ රියදුරා කොන්දොස්තර ඇතුලු 14 දෙනෙකු සහ ත්‍රී රෝද රථයේ රියදුරා මෙන්ම එහි පිටුපස ගමන් කළ කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තුවාලකරුවන් අවුරුදු 24ත් 77ත් අතර වයස්වල පසුවන පිරිසක්. අනතුර සම්බන්ධයෙන් කලුතර දකුණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?