Empty Ad
AFC Banner
Empty Ad

බස්නාහිර පළාත් පාසල් ගුරුවරුන්ට තහනමක්

බස්නාහිර පළාතේ පාසල්වල ගුරුවරුන්ට තම පාසල්වල සිසුන්ට පාසල් වේලාවේ දී, පාසලෙන් පසුව හෝ සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල මුදල් ගෙවා උපකාරක පංති පැවැත්වීම වළක්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්ගේ අත්සනින් යුත් එම චක්‍රලේඛය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ පළාතේ සියලුම විදුහල්පතිවරුන් වෙත යොමුකර තිබෙනවා.

මේ පිළිබඳව සියලුමපාසල් ගුරුවරුන් දැනුවත් කරන ලෙසටයි චක්‍රලේඛයෙන් නියෝග කර ඇත්තේ.

එම රෙගුලාසි කඩ කරන ගුරුවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන ලේකම්වරයා අවධාරණය කළේ.

මෙම තහනම පළමුව සබරගමුව පළාතේ පනවන ලද අතර පසුව එය මධ්‍යම පළාතට ද පනවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?