spot_imgspot_img

බලාගාරයක විදුලි උත්පාදනය තාවකාලිකව නවතී

ගිනිගත්හේන පොල්පිටිය සමනළ ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව නතර කර තිබෙනවා.

එම ජල විදුලි බලාගාරයේ ඉංජිනේරුවරයෙකු සඳහන් කළේ විදුලි උත්පාදක යන්ත්‍රවල සිදු කරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඊයේ (18) දින සිට බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව නතර කර ඇති බවයි.

සමනළ ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 75ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරන අතර, ලක්ෂපාන ජල විදුලි බලාගාරයෙන් ජල විදුලි උත්පාදනය සදහා ලබා ගන්නා ජලය ලක්ෂපාන පොකුණු ජලාශයේ සිට උමං මාර්ගයක් ඔස්සේ සමනළ ජල විදුලි බලාගාරය වෙත රැගෙන යනු ලබනවා.

සමනළ ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව නතර කර ඇති නිසා ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනයෙන් පසු එම ජලය කැළණි ගඟට මුදා හැරීමට ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?