spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෝට් සිටියට ආසිරි රෝහලක් – ආයෝජනය ඩොලර් මිලියන 100ක්

ආසිරි පෝට් සිටි හොස්පිටල් (පෞද්ගලික) සමාගම ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ආසිරි පෝර්ට් සිටි හොස්පිටල් පෞද්ගලික සමාගම විසින් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක් යටතේ කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අද (02) සඳහන් වුණේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් වශයෙන් ගැසට් පත්‍රයේ නියමයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එකී නියමය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?