පොසොන් සතිය අද සිට – අනුරපුර ආරක්ෂාවට පොලිසියේ 4,500ක්

පොසොන් සතිය අදින් (18) ආරම්භ වනවා.

ඒ, අනුව අදින් ආරම්භ වන පොසොන් සතිය ලබන 24 වැනි දා දක්වා ක්‍රියාත්මකයි.

මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ ආරක්ෂාව තරකර ඇති බව පොලීසිය සඳහන් කළා.

ඒ, අනුව ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 4,500ක් යෙදවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට බැතිමතුන් ලක්ෂ 10කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

මේ අතර අද (18) දිනයේ සිට පොසොන් උත්සවය වෙනුවෙන් මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ ක්‍රියාත්මක වන විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ වනවා.

අනුරාධපුර සිට මිහින්තලය දක්වා නව කෙටි දුර දුම්රිය මාර්ගයක් ඉදිකර ඇති අතර, මිහින්තලය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට ගාස්තු අය කිරීමකින් තොරව එම මාර්ගයේ විශේෂ දුම්රියක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14