පොලිසිය පුනරුත්තාපන මධ්‍යස්ථානයක් වටලයි

ලියාපදිංචි නොකළ පුනරුත්තාපන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්තාපනය කරන මධ්‍යස්ථානයක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ලියාපදිංචි නොකර දෙහිවල මල්වත්ත පාර ප්‍රදේශයේ පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අදාළ පුනරුත්තාපන මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සහ ඊට සහාය වීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස පොලිස් අත්අඩංගුවට ගැනුනා.

එම ස්ථානයේ පුනරුත්තාපනය වෙමින් සිටි පුද්ගලයන් 34 දෙනෙකු ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගෙන පොලිස් ස්ථානයේ රඳවා සිටිනවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දෙහිවල සහ බොරැල්ල ප්‍රදේශවල පදිංචි අවුරුදු 50 සහ 51 වයස්වල පසුවන දෙදෙනෙක්.

ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සත්‍යග්‍රහය ළඟට ඇවිත් හඬා වැටුණු පුද්ගලයා - පොලිසියෙන් ඇවිත් එලවලා දායි
01:14
Video thumbnail
සුරේෂ් සලේට ගොනුකළ නඩුව කල් යයි - අධිකරණ පරිශ්‍රයේ දැඩි ආරක්ෂාවක්
01:58
Video thumbnail
විමල් සෙනඟ මැදින් පිටව යයි - අට්ටාල සේරම ගලවලා දාලා - කට්ටිය වටේටම ෆුල් සුද්දයක් දෙන හැටි
03:05
Video thumbnail
සලේ වෙනුවෙන් කළ සටනට කොමාව තියයි - අපි ඕනෑම වෙලාවක සටන යළි ආරම්භ කරනවා
03:27
Video thumbnail
කාන්තාවක් සත්‍යග්‍රහයේ යකා නටයි - යකෝ පන්සල්වල ඉදපල්ලා..හොර යක්කු මුන් රටවල් කාලා කාලා
01:36
Video thumbnail
සත්‍යග්‍රහයේදි දැම්ම ගීතයට සමවැදිලා ඉන්න ගම්මන්පිල ඇතුළු සෙට් එක - සිංදුවේ තාලෙට අත්පුඩි ගහනවා
01:05
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවේ කෙරුවාව එකක් නෑරම එළියට දායි - ඔයාලට හොරු අල්ලන්න බෑ
12:09
Video thumbnail
පැලවත්තේ ඔළුබක්කෝ ඇවිත් නටලා ගියාම අපි විනෝද වෙනවා - සලේ විශ්‍රාම ගිහින් කරපු වැඩේ මට අදාළ නෑ
02:41
Video thumbnail
අත්අඩංගුවට ගත් ෂාන් විජයලාල් අධිකරණයට රැගෙන ගිය හැටි - ගැම්මට වෑන් එකට නැගලා ගිය හැටි
01:12
Video thumbnail
ශානි කියන්නේ මොකෙක්ද ? කවුද ? චාමර සම්පත්ට යකා නගියි
01:33