spot_imgspot_img
spot_img

පොලිසියට තග දැමූ වැලිමඩ ප්‍රා.සභා හිටපු සභාපති හිරේ – සැඟව සිටි කාලය තුළ රටත් ගිහින් ඇවිත්

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් පුද්ගලයෙක් වැලිමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ ප්‍රදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු පසුගිය ඔක්තෝම්බර් 24 වන දින කැප්පෙටිපොළ නගරයේ රථවාහන රාජකාරියේ නියැලී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සාපරාධී බලහත්කාරය පෑමක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියෙන් පසු සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භකර තිබූ අතර, ඒ වනවිටත් ඔහු ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටි බවයි හෙළිව ඇත්තේ.

එලෙස සැඟව සිටි කාලය තුළ මෙම සැකකරු දින කිහිපයක විදෙස් සංචාරයක් සඳහා ගොස් නැවත ලංකාවට පැමිණ ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

පසුව අත්අඩංගුවට ගැනුණු සැකකරු ඊයේ (20) වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතක තිබෙනවා.

කැප්පෙටිපොළ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු වයස අවුරුදු 60ක පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?