spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් මෝටර් රථයකට ගිනි තැබූ 3ක් අත්අඩංගුවට

පොලිස් මෝටර් රථයකට ගිනි තැබීම සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 2022 වසරේ මැයි මස 9 වනදා පංචිකාවත්ත ප්‍රදේශයේදීයි සැකකරුවන් පොලිස් මෝටර් රථයකට පහරදී කොටස් ගලවා ගිනි තබා තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් සිදු කර සිද්ධියට සම්බන්ධ තුන් දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 18, 31 සහ 46 වයස්වල පසුවන සැකකරුවන් මාළිගාවත්ත සහ කොළඹ 12 ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය කියාසිටියේ.

ඔවුන් අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?