චීනයේ පොලිසිලිකන්වලට එපා කියන්න ඉන්දියාව සැරසෙයි

සූර්ය බලශක්ති කර්මාන්තයට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන පොලිසිලිකන් දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා නව නිෂ්පාදන සම්බන්ධිත දිරිගැන්වීම් වැඩසටහනක් හඳුන්වාදීමට ඉන්දියාව සූදානම් වනවා.

දැනට ඉන්දියාව සිය පොලිසිලිකන් අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම චීනයෙන් ආනයනය කරන අතර, නව වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ එම ආනයන මත පවතින යැපීම අඩු කිරීමයි.

ඉන්දියාව 2030 වසර වනවිට ෆොසිල නොවන ඉන්ධන මත පදනම් වූ ගිගාවොට් 500ක විදුලි නිෂ්පාදන ධාරිතාවක් ළඟා කර ගැනීමේ ඉලක්කයක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

ඒ යටතේ සූර්ය බලශක්ති ව්‍යාපෘති වේගයෙන් පුළුල් වන අතර, ආනයනික උපකරණ මත යැපීම අවම කර දේශීය නිෂ්පාදන හැකියාව ඉහළ නැංවීමට ඉන්දීය රජය වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

යෝජිත නව දිරිගැන්වීම් වැඩසටහන යටතේ ගිගාවොට් 10කට වැඩි නිෂ්පාදන ධාරිතාවක් ආවරණය කිරීමට හැකිවනු ඇති අතඑ ඒ සඳහා වෙන් කිරීමට අපේක්ෂිත මූල්‍ය දිරිගැන්වීමේ ප්‍රමාණය මෙතෙක් හෙළි කර නැහැ.