දැන් රටේ ලොකුම ප්‍රශ්න ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි කිරීමයි – සජිත්

පොහොර සහනාධාරය වාරි පුනරුත්ථාපනය, සිරගෙවල්වල ගැටලු විසදීම නොව රටේ ලොකුම ප්‍රශ්නය දැන් මේ වන විට රටේ විශාලතම ජාතික ප්‍රමුඛතාව වනුයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දැමීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (09) රුවන්වැල්ල ප්‍රදේශයේ කන්නන්තොට රොෂානා ශාලාවේදී පැවැති සමගි වනිතා බල මණ්ඩලයේ රුවන්වැල්ල ශාඛාව පිහිටුවීමේ අවස්ථාව හා එක්වෙමින්.

ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි වූවා කියා ජනතාවගේ ගැටලු විසදෙන්නේවත්, දුප්පත්කම තුරන් වන්නේවත්, විරැකියා ගැටලුවට විසදුම් ලැබෙන්නේවත් නොමැති බවත්, මේ විශ්‍රාම වයස වැඩි කිරිම තුළ තනි පක්ෂයක් මුළු රටම පාලනය කරන වැඩපිළිවෙළ නිර්මාණය වන බවත් විපක්ෂ නායවරයා සඳහන් කළා.

තනි පක්ෂ පාලනයක් ඇති වී ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටී අධිකරණයේ ස්වාධිනත්වයට මරු පහරක් එල්ල වී යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය බිද වැටෙන බවත්, දැන් ලක්ෂ 12 විට්ස් කාර් එක නැති බවත් 33%කින් විදුලි බිල අඩු කරනවා කිවද ඊටත් වඩා විදුලි බිල දැන් වැඩි කර ඇති බවත් මේ නිසා අවසානයේ දුක් විදින්නේ ජනතාව බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.