චීන ආක්‍රමණයකට මුහුණදීමට තායිවානය ඩ්‍රෝන සූදානම් කරයි

චීනයේ දැවැන්ත හමුදා බලයට මුහුණදීම සඳහා තායිවානය ඩ්‍රෝන යානා සහ අසමමිතික යුද උපක්‍රම මත වැඩි අවධානයක් යොමු කරමින් සිය ආරක්ෂක හැකියාව වේගයෙන් ශක්තිමත් කරමින් සිටිනවා.

චීන මහජන විමුක්ති හමුදාවට සාපේක්ෂව තායිවානයේ සාම්ප්‍රදායික හමුදා බලය අඩු බැවින්, චීන හමුදා තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා ගොඩබැසීමේ ප්‍රහාරයක් එල්ල කළහොත් එය ඉතා ඉහළ පිරිවැයක් සහ අවදානමක් සහිත මෙහෙයුමක් බවට පත් කිරීම තායිපේහි නව ආරක්ෂක උපායමාර්ගයේ අරමුණ වී තිබෙනවා.

යුක්රේන යුද්ධයේ අත්දැකීම්ද තායිවානයේ මෙම නව ආරක්ෂක උපායමාර්ගයට බලපා තිබෙනවා.

සාපේක්ෂව අඩු වියදම් සහිත කුඩා ප්‍රහාරක ඩ්‍රෝන යානා භාවිතයෙන් විශාල හමුදා බලයක් සහිත පාර්ශ්වයක සන්නද්ධ රථ, සැපයුම් මාර්ග සහ නාවික යාත්‍රා වෙත දැඩි බලපෑම් එල්ල කළ හැකි බව යුක්රේන හමුදා මෙහෙයුම් මඟින් පෙන්නුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව තායිවානය කුඩා ප්‍රහාරක ඩ්‍රෝන සහ දුරස්ථව ක්‍රියාත්මක වන ප්‍රහාරක පද්ධති විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කිරීමට අවධානය යොමු කර තිබෙනවා.

එම ඩ්‍රෝන යානා චීන හමුදා රැගෙන එන ගොඩබැසීමේ යාත්‍රා, හමුදා ප්‍රවාහන යාත්‍රා සහ වෙරළ ආසන්නයේ ස්ථාපනය කෙරෙන හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ල කිරීමට යොදා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම තායිවාන තාක්ෂණික සමාගම් සහ ආරක්ෂක කර්මාන්තය අතර සහයෝගීතාව වර්ධනය කරමින් ඩ්‍රෝන ඇතුළු ආරක්ෂක උපකරණ දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකයි.

තායිවාන බලධාරීන්ගේ අවධානයට ලක්ව ඇති තවත් ක්ෂේත්‍රයක් වන්නේ නිරීක්ෂණ ඩ්‍රෝන යානාය. මුහුදු සහ ගුවන් ඩ්‍රෝන යානා යොදා ගනිමින් තායිවාන් සමුද්‍ර සන්ධිය අඛණ්ඩව නිරීක්ෂණය කර, චීන හමුදා ක්‍රියාකාරකම් පිළිබඳ කල්තියා අනතුරු ඇඟවීම් ලබාගැනීමට අපේක්ෂා කෙරෙනවා.

මෙම නව උපායමාර්ගය තායිවානයේ වාර්ෂික හන් ක්වාං යුද අභ්‍යාසයේදීද ප්‍රදර්ශනය කෙරුණා.

ජනාධිපති ලායි චිං-ටේ මහතාගේ අධීක්ෂණය යටතේ පැවැති සජීවී යුද අභ්‍යාසයකදී, වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශය හරහා අඩු උසකින් පියාසර කළ ප්‍රහාරක ඩ්‍රෝන පොකුරු යොදා ගනිමින් සතුරු හමුදා ගොඩබැසීමක් මැඩපැවැත්වීමේ ආකාරය නිරූපණය කෙරුණා.

වෙරළ ආරක්ෂක බලකායේ සහ නාවික හමුදා යාත්‍රාද එම ඩ්‍රෝන ආරක්ෂක පද්ධතිය සමඟ ඒකාබද්ධ කර තිබීම විශේෂත්වයක්.

තායිවානය චීනයේ භූමියේ කොටසක් බව බීජිං පවසන අතර, අවශ්‍ය වුවහොත් බලය භාවිත කිරීම බැහැර කර නොමැත. මේ අතර චීන ගුවන් සහ නාවික යාත්‍රා තායිවානය ආසන්නයේ නිරන්තරයෙන් මෙහෙයුම් සිදුකරමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06