පෙම්වතා සමඟ මධුසමය ගත කිරීමට මවක් දරුවන් දෙදෙනා ඝාතනය කරලා

ඉන්දියාවේ රොඩ්කාලි ප්‍රදේශයේ 24 හැවිරිදි කාන්තාවක් පෙම්වතාගේ සහාය ඇතිව තම දරුවන් දෙදෙනා ඝාතනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

සිද්ධියට සම්බන්ධ සැකකාර මුස්කාන් නැමැති කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයගේ පෙම්වතා යැයි කියනු ලබන ජුනයිඩ් නැමැති පුද්ගලයා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාරිය සහ ඇයගේ පෙම්වතා විසින් වයස අවුරුදු 05 සහ අවුරුද්දක් යන වයසේ පසුවන දරුවන් දෙදෙනා මෙලෙස ඝාතනය කර ඇති අතර, ඔවුන්ගේ සිරුරු නිවසේ තිබිය දී ඊයේ සොයාගත් බවයි ඉන්දීය පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාර මවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඇය පපොච්ච්රණය කර ඇත්තේ තම පෙම්වතා වන ජුනයිඩ් සමඟ නව ජීවිතයක් ආරම්භ කිරීමට දරුවන් බාධාවක් වූ බැවින් ඔවුන් මරා දැමීමට තීරණය කළ බවයි.

ඒ, අනුව ඔවුන්ට වස දුන් බවයි අය පොලිසිය ඉදිරියේ පපොච්ච්රණය කර ඇත්තේ.

සැකකාර මව දිගු කලක් ජුනයිඩ් සමඟ මෙම අනියම් සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇත්තේ තම සැමියා වන වසීම් චන්දිගාර් ප්‍රදේශයේ රැකියාවේ නිරතවන අතර වාරයේදීයි.

දරුවන් දෙදෙනා ඝාතනය කිරීමෙන් පසු යුවළ මධුසමය ගත කිරීමට සැලසුම් කර ඇති බවත් පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25