පුෂ්පිකාගේ කිරුල ගැලවූ කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් මහා තරඟයේ හටගත් උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් සිදුකළ විමර්ශන අනුව, ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි සහ ප්‍රවීණ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසනවා.

විවාහක රූ රැජිණ අවසන් තරඟයේදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බනධයෙන් ඇය කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළා. ඒ, පසුගිය 6 වැනිදා යි. එම පැමිණිල්ල විභාග කිරීම සඳහා අද (08) දෙපාර්ශවයටම පෙරවරු 10 යි 30ට කුරුඳුවත්ත පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.

කුරුඳුවත්ත පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලින් අනතුරුවයි, ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි සහ සුපිරි නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්