නේපාල-ටිබෙට් දේශසීමාවේ තවත් ගංවතුර අවදානමක් ! – නේපාල ගංවතුරෙන් මියගිය ගණන තවත් ඉහළට

පසුගිය බදාදා නේපාලයේ ටිබෙට් දේශසීමා කලාපයට බලපෑ හදිසි ගංවතුර හේතුවෙන් ජිවිත අහිමි වූ සංඛ්‍යාව 392ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම මහා ව්‍යසනයෙන් 1,400 කට වැඩි පිරිසක් අතුරුදහන්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර චීන-නේපාල දේශසීමාව අසල ජල විලක් නිර්මාණය වී ඇති අතර එය එහි ඉවුරු බිඳී යා හැකි බවට අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.

චීන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන ෂින්හුවා පවසා ඇත්තේ හදිසි ගංවතුරෙන් පසු නිර්මාණය වූ විලක් බිඳී ගොස් ගංවතුර ජලය පහළට ගලායාමේ ඉහළ අවදානමක් ඇති බවයි.

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, අතුරුදන්වූවන් සෙවීමේ සහ සහන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

මෙම මෙහෙයුම් සඳහා නිලධාරීන් 4,348 දෙනෙකු මේ වනවිට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

නේපාලයේ දේශීය වේලාවෙන් පෙරවරු 08:37ට නේපාල-ටිබෙට් දේශසීමාව අසල රික්ටර් මාපකයේ 5.2 ක භූ කම්පන සිදුවීමක් සිදුව ඇති නමුත්, මෙය මුලින් භූමිකම්පාවක් යැයි සිතූ නමුත් එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ එය ග්ලැසියර කඩා වැටීමක් බව පවසා තිබෙනවා.

එම ග්ලැසියර කඩා වැටීමත් සමඟ මෙම ව්‍යසනකාරී ගංවතුර තත්ත්වය හටගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11