දුම්රිය ජාලයේ ප්‍රතිසංස්කරණය සඳහා සහාය වීමට චීනයෙන් ආනයනය කරන ලද නව රේල් පීලි 10,000ක් පසුගියදා (23) කොළඹ වරායට රැගෙන ආවා.
එලෙස රැගෙන ආ රේල් පීලි තොගය අද (28) දිනයේ දී වරාය පරිශ්‍රයෙන් මුදාහැරීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙලෙස රැගෙන ආ රේල් පීලි 10,000න් 5,000 කට ආසන්න ප්‍රමාණයක් මුහුදුබඩ මාර්ගයේ දැනට වේගසීමා ක්‍රියාත්මක වන කොටස් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යොදාගැනීමට නියමිතයි.
කොළඹ කොටුව සහ පානදුර අතර ස්ථාන 50ක පමණ පවතින රේල් පීලි ප්‍රතිස්ථාපනය කිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් කරනවා.
මෙම වැඩසටහනේ කොටසක් ලෙස දුම්රිය පාලම් ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ අතර නව රේල් පීලි මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 02 කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ පසු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෛනික දුම්රිය ප්‍රමාදයන් සැලකිය යුතු ලෙස අඩු කිරීමට ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරනවා.













