පොතුහැර දී දුම්රියක් පීලිපනී – උතුරු දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා

පොල්ගහවෙල සිට මහව බලා ධාවනය වූ දුම්රියක් පොතුහැර දුම්රිය ස්ථානයේ දී අද (28) උදෑසන පීලිපැනීමට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

මාර්ගයේ ඇතිවී තිබෙන අවහිරතාව හේතුවෙන් පොතුහැර දුම්රිය ස්ථානය පසුකර ධාවනය වීමට නියමිත සියලුම දුම්රිය ප්‍රමාද වී ධාවනය වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්