පුතා ලියූ රචනාවෙන් මවගේ අනියම් පෙම තාත්තාට හසුවේ

පුතු ලියා තිබූ  රචනාවෙන් මවකගේ අනියම් සම්බන්ධතාවක් පිළිබඳ ඉඟියක් ලැබුණු බව කියැවෙන රසවත් පුවතකි මේ.

වයඹ පළාතේ ගම්මානයකින් මෙය වාර්තා වේ.

වෘත්තියෙන් පෙදරේරුවෙකු වූ ඔහු එක්දරු පියෙකි. ඉතා රූමත් කාන්තාවක වූ ඔහුගේ බිරිය ඔහුට වඩා අවුරුදු 10කින් පමණ බාලය මව්පියන්ගෙන් උරුම වූ  ඉඩමක නිවසක් තනා සිය බිරිය හා දරුවා සමග ඉතා සතුටින් ජීවත් වූ ඔහු සුරා සූදුවෙන් තොර දැහැමි ජීවිතයක් ගතකරන අයෙකි.

කොරෝනා වසංගතය නිසා රටේ ඇඳිරි නීතිය පැවතීම හේතුවෙන් පසුගිය කාලයේ මාස කීපයක්ම හරි හැටි වැඩක් කර ආදායමක් උපයාගැනීමට නොහැකි වූ ඔහු ප්‍රදේශයේ හිතවත් පෙදරේරුවන් දෙදෙනකුද සමග කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසක් ඉදිකිරීම සඳහා ගොස් මාස එකහමාරක පමණ කාලයක් එහි නැවතී වැඩකර නිවස බලා පැමිණියේ පසුගිය දිනකය.

කොළඹ සිට නිවස බලා පැමිණෙමින් සිටි ඔහුට ගමට ආසන්න නගරයේදී මුණ ගැසුණ ඔහුගේ මිතුරකු පැවසූ ප්‍රවෘත්තිය මහත්වූ සිත් තැවුලට හේතුවක් විය.

මිතුරා ඔහුට පැවසුවේ සිය බිරිය යාබද ගමේ මුරකරුවෙකු ලෙස සේවය කරන කඩවසම් තරුණයෙකු සමග සම්බන්ධයක් ඇතිකරගෙන ඇති බවත් නගරයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිට මෙම තරුණයා සමග කතා බහ කරමින් සිටින අයුරු තමා දින දෙක තුනක් දුටු බවත්ය.

සති හයක පමණ කාලයක් නිවසේ නොසිටි නිසා නිවසට පැමිණීම සිය එකම පුතුගේ සතුටට හේතුවූ අතර පියා නිවසට ගොඩවූ වහාම දරුවා පියා ළඟට පැමිණ ඔහුට පෙන්වූයේ නිවාඩු කාලයේ ගෙදර වැඩකළ ඔහුගේ පොත්පත්ය.

“තාත්තා අදනම් කොහෙවත් යන්න එපා. මාත් එක්කම ඉන්න ඕනෑ. මේ  සැරේ මගේ උපන් දිනයදාත් තාත්තා ගෙදර හිටියේ නෑනේ. මම අපේ ටීචර්  දුන්න ගෙදර වැඩ සේරම කළා. රචනා 20ක් ලිව්වා.”

දරුවා සිය රචනා පොත පියා අත තැබීය. ලස්සන අකුරින් සිය පුතු ලියා තිබූ රචනා එකින් එක කියවමින් සිටි ඔහුගේ නෙත ගැටුණේ
මා මගේ උපන් දිනය සැමරූ අයුරු යන මාතෘකාව යටතේ දරුවා ලියා තිබූ රචනාව වෙතය.

එය ඔහු කියවූයේ මහත්වූ ආසාවකිනි.

“පසුගිය ඉරිදා මම උපන් දිනය සැමරුවා. තාත්තා ගෙදර නැති නිසා මට එදින එතරම් සතුටු දවසක් නොවෙයි. අම්මා උපන් දින කේක් එකක් හැදුවා. අම්මා මට අලුත් කමිසයක් හා කලිසමක් උපන් දින තෑග්ග ලෙස ගෙනාවා. මුර මාමත් අපේ ගෙදර ආවා. එයා මට ලොකු චොකලට් එකක් ගෙනාවා.”

රචනා පොත පසෙක තැබූ ඔහු දුරකතන ඇමතුම් ලබාදී බිරියගේ මව්පියන්ට හා ඔහුගේ මව්පියන් එදින රාත්‍රියේම නිවසට කැඳවා ඔවුන් ඉදිරියේම බිරියගේ අනියම් ඇසුර පිළිබඳව ඔවුනට පැවසීය.

“දරුවෙක් නොසිටියා නම් මෙයාව මං එක දවසක්වත් ගෙදර තියා ගන්නේ නෑ. මේ දරුවා නිසා මට ඒක කරන්න බෑ. මේ ගැන ගමේ   දෙතුන් දෙනෙක් මම ගමට ආව දවසෙම මට කීවා. මේ සිද්ධිය ඇත්තක් පුතාගේ උපන් දිනයදා ඒ ඔය මිනිහ මේ ගෙදරට ඇවිල්ලා තියෙනවා. මේ ඇසුර අදින් පස්සේ නතර කරන්න ඕනෑ. එහෙම නොවුණොත් මම මගේ තීරණය ගන්නවා.”

සියල්ලන් ඉදිරියේ ඔහු පැවසුවේ මහත් වූ වේදනාවකිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57