විශේෂඥ වෛද්‍යවරුන්ටත් ආර්ථික ප්‍රශ්න ලු – ප්‍රවාහන දීමනාවක් ඉල්ලයි

මෙරට තුළ සේවාවේ නියතු විශේෂඥ වෛද්‍යවරු රැසක් මේ වන විට ආර්ථික අපහසුතාවලට මුහුණ දී ඇති බවට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

සේවා ස්ථානය සහ සිය ස්ථිර පදිංචිය අතර පවතින දුරස්ථභාවය හේතුවෙන් ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් හට දැඩි වියදමක් දැරීමට සිදු වන බවයි, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අද (15) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.

එම මාධ්‍ය හමුවට සහභාගී වූ විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් කියා සිටියේ, දැනට පවතින නීතිමය පසුබිම තුළ22/99 චක්‍රලේඛයේ අදාළ ප්‍රතිපාදන යටතේ විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් හෝ ප්‍රවාහන දීමනාවක් ලබාදීමට කටයුතු කළ හැකි වුවද, මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකර ඇති ඉල්ලීම්වලට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

ඒ අනුව, යෝජිත අයවැය තුළ විශේෂඥ වෛද්‍යවරුන්ට එම ප්‍රතිපාදන වෙන්කර දෙන ලෙස එම සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57