සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව හෙට (16) දිනයේ දී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999,053 කට රුපියල් නව බිලියන එකසිය අසූඑක් මිලියන හයසිය අනූහය දහස් දෙසිය පනහක මුදලක් බැරකිරීමට නියමිතයි.
මෙහි දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 213,335ක් සඳහා අනිද්දා (17) දිනයේ මුදල් බැර කෙරෙන බව ද එම මණ්ඩලය පවසනවා.













