AFC Banner
Empty Ad
Empty Ad

පිරිමි මැරතන් ලෝක වාර්තාවේ හිමිකරු ‘කෙල්වින් කිප්ටම්’ රිය අනතුරකින් මරුදකී

පිරිමි මැරතන් ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ කෙල්වින් කිප්ටම් හදිසියේ ම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

24 හැවිරිදි වියේ පසු වූ ඔහු කෙන්යාවේ දී රිය අනතුරකට ලක්ව මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුරින් ඔහුගේ පුහුණුකරු වූ ගර්වයිස් හකිසිමානා ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා ගමන් ගත් මෝටර් රථය ඊයේ (11) රාත්‍රියේ රිෆ්ට් නිම්නයේ එල්ඩෝරෙට් නගරයෙන් පිටත අනතුරට ලක්ව ඇති අතර, අනතුර සිදුවූ ස්ථානයේදී ම ඔවුන් දෙදෙනා මියගොස් ඇති බවයි කෙන්යානු පොලිසිය පැවසුවේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී මලල ක්‍රීඩකයා මෝටර් රථය පදවා ඇති අතර, ඔහුගේ පාලනයෙන් මිඳුනු මෝටර් රථය මාර්ග අසල තිබූ විශාල ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙල්වින් කිප්ටම් පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී චිකාගෝ හිදී, මීට පෙර කෙන්යානු මැරතන් ක්‍රීඩක කිප්චෝ තබා තිබූ ලෝක වාර්තාව බිඳ දැමුවේ සැතපුම් 26.1ක දුරක් පැය දෙකයි තත්පර 35 කින් අවසන් කරමින්.

එම ජයත් සමඟ කිප්ටම් කිප්චෝගේ අනුප්‍රාප්තිකයා ලෙස කෙල්වින් කිප්ටම්ව හඳුන්වනු ලැබූ අතර, පැය දෙකකට අඩු කාලයක දී මැරතන් ධාවන තරගයක් අවසන් කිරීමට හැකි තරඟකරුවෙකු බවට ඔහු පත්ව සිටියා.

කෙල්වින් කිප්ටම් මීට වසර හතරකට පෙර ඔහුගේ පළමු ප්‍රධාන මැරතන් තරඟයට තරඟ කළේ තමාගේම කියා සපත්තු යුගලයක් ලබාගැනීමට නොහැකිව, ණයට ගත් සපත්තු යුගළයක් පැළඳගෙනයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
10
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40
Video thumbnail
මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්
03:30

?