පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ චීනයේ කළ සංචාරය සාර්ථකව අවසන් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජිත පිරිසක්, ශ්‍රී ලංකාවේ, මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතාගේ ආරාධනයකට අනුව 2026 ජූලි 25 සිට අගෝස්තු 02 දක්වා චීනයේ සිදු කළ නිල සංචාරය සාර්ථකව
අවසන් කළ බව පාර්ලිමේන්තුව නිවේදනයක නිකුත් කාරමින් පවසනවා.

මෙම නියෝජිත පිරිසට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් නායකත්වය ලබා දුන් අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන රෝහිණී කුමාරි විජේරත්න, ඕෂානි උමංගා, නීතිඥ නිලන්ති කොට්ටහච්චි,
එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, නීතිඥ නිලුෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, ඒ.එම්.එම්.එම්. රත්වත්තේ සහ නීතිඥ ගීතා හේරත් ඇතුළත්.

එමෙන්ම, පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්දාන ප්‍රොටෝකෝල අංශයේ පාර්ලිමේන්තු නිලධාරී ලහිරු පතිරණගේ ද මෙම
සංචාරයට සහභාගි වී සිටියා.

චීනයේ ගුවැන්ඩොං පළාතේ ෂෙන්සෙන් (Shenzhen) සහ ගුවැන්ෂෝ (Guangzhou) නගර කේන්ද්‍ර කරගනිමින් පැවති මෙම වැඩසටහන තුළ නිල හමුවීම්, අධ්‍යයන සැසි, ආයතනික සංචාර සහ සංස්කෘතික වැඩසටහන් රැසකට නියෝජිත පිරිස සහභාගි වුණා.

ඒ හරහා චීනයේ සංවර්ධන අත්දැකීම්, නවෝත්පාදන පරිසර පද්ධති සහ පාලන ක්‍රමවේද පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා වුණා.

සංචාරය අතරතුර ෂෙන්සෙන් විශේෂ ආර්ථික කලාපයේ සංවර්ධනය සහ චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ දේශනයකට සහභාගි වූ නියෝජිත පිරිස, Huawei Technologies, Tencent, Mindray, BYD ඇතුළු ජාත්‍යන්තර ප්‍රමුඛ පෙළේ ආයතන සහ නවෝත්පාදන මධ්‍යස්ථාන වෙත ද සංචාරය කළා.

එහිදී කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් තාක්ෂණය, ස්මාර්ට් සෞඛ්‍ය සේවා, නවීන කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය සහ කාර්මික නවෝත්පාදන ක්ෂේත්‍රවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට අවස්ථාව හිමිවුණා.

එමෙන්ම ෂෙන්සෙන් නගර සභාව, ගුවැන්ඩොං පළාත් රජය සහ ගුවැන්ෂෝ නගර සභාවේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවලදී පාර්ලිමේන්තු සහයෝගිතාව, දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම, කාන්තා සවිබල ගැන්වීම සහ දෙරට අතර අනාගත සහයෝගිතා අවස්ථා පිළිබඳව අවධානය යොමු කෙරිණි. ෂෙන්සෙන් කාන්තා සම්මේලනය සමඟ පැවති හමුව සංචාරයේ විශේෂ අවස්ථාවක් වූ අතර, කාන්තා සවිබල ගැන්වීම, ළමා සුරැකුම් සේවා, පවුල් සුබසාධනය සහ ප්‍රජා සංවර්ධනය සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳව ද අදහස් හුවමාරු කරගැනීමට එහිදී අවස්ථාව හිමි වුණා.

මීට අමතරව, ලියන්හුවා හිල් උද්‍යානය, Great Tides Surge Along the Pearl River ප්‍රදර්ශන ශාලාව, ගුවැන්ඩොං කෞතුකාගාරය සහ ගුවැන්ෂෝ මෙට්‍රෝ කෞතුකාගාරය ඇතුළු සංස්කෘතික හා ඓතිහාසික ස්ථාන කිහිපයක ද නියෝජිත පිරිස සංචාරය කළා.

මෙම නිල සංචාරය ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම පාර්ලිමේන්තු සංවාද, ආයතනික සහයෝගිතාව සහ දැනුම හුවමාරුව සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමට ද දායක වුණා.

සංචාරය සාර්ථක කර ගැනීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුවේ රජයට, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයට, ගුවැන්ඩොං පළාත් බලධාරීන්ට සහ සංචාරය සංවිධානය කළ සියලුම ආයතන වෙත නියෝජිත පිරිස සිය කෘතඥතාව පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20