2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ, එම තරගාවලියේ 20 වැනි අධියර ලෙසටයි.
මේ හේතුවෙන් මෙම තරගාවලිය ඉතා උත්කර්ෂවත් අයුරින් සැමරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලබන වසරේ පැවැත්වෙන, IPL තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය 2026 දෙසැම්බර් මාසයේ දෙවැනි සතියේ දී පමණ පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
කෙසේ වෙතත් තරගාවලියේ නිශ්චිත කාලසටහන මේ වන තෙක්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර නැහැ.













