පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ කිරීමට රජය උත්සාහ කරන බවට සජිත්ගෙන් චෝදනාවක්

කවුරු පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ කරන්න කටයුතු කළත් අප එය සුරක්ෂා කර ගත යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට, හෙළ වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මීට පෙර නොමැති කොන්දේසි සේම පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයේ නියැලී ගුරුවරුන් ලෙස කටයුතු කරන පුද්ගලයන්ට වයස් සීමා දමා මෙම ක්ෂේත්‍රය විනාශ කිරීමට රජය උත්සාහ කරන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

පාරම්පරික වෛද්‍ය ශිෂ්‍ය එකමුතුව සමග කරන සාකච්ඡාව අතරතුර විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියා.

පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය දූදරුවන්ට ඉගැන්වීමේත් සීමා දමා වෛද්‍ය සිසුන් පුහුණු වීමේ කාලය සම්බන්ධ කාලසීමා පනවා පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ මුඛය කරා ගෙන යන තත්ත්වයක් මතුව ඇති බවත් පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය යන්න මහපොළොවේ යථාර්ථයක් නිසා මේ ක්ෂේත්‍රය ප්‍රගුණ කිරීමට ලබා දිය හැකි සහාය හා ශක්තිය ලබාදෙන බවත් ඔහු මෙහිදී පැවසුවා.

හෙළ වෙදකම, පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරන්න අවශ්‍ය නායකත්වය ලබාදෙන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41