ශිෂ්‍යත්ව විභාගය හෙට – විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (09) ආරම්භ වන අතර, අ.පො.ස උසස්පෙළ විභාගය අනිද්දා (10) දිනයේ ආරම්භවීමට නියමිතව තිබෙනවා.

මෙම විභාග සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (08) පෙරවරුවේ පැවැත් වුණේ විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ ප්‍රධානත්වයෙන්.

හෙට දිනයේ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 294,089 දෙනෙකු ඉදිරිපත් වී සිටින බවයි කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේ.

එහිදී සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 220,366 දෙනෙකු සහ දෙමළ මාධ්‍යයෙන් අයදුම්කරුවන් 73,723ක් ලියාපදිංචි වී සිටිනවා.

මේ අතර දරුවන්ට අවධානයෙන් විභාගයට මුහුණ දීමට පහසු වීම සඳහා විභාගය ආරම්භ වීමට පැයකට පෙර විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරිය මෙහිදී උපදෙස් ලබා දී සිටියා.

පළමුව පිළිතුරු සැපයීමට දෙවන ප්‍රශ්න පත්‍රය ලබාදෙන බවත් එය පෙරවරු 9.30 ට ආරම්භ වී පෙරවරු 10.45ට අවසන්වන බවයි ඇය මෙහිදී සඳහන් කළා.

අනතුරුව ලැබෙන කෙටි විවේකයකින් පසු පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා පැයක කාලයක් පළමු ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයීමට අවස්ථාව ලබාදෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර විභාග මධ්‍යස්ථානවලට ඇතුළුවීමට දෙමාපියන්ට අවසර හිමි නොවන බවත් ඇය අවධාරණය කර සිටියා.

ප්‍රශ්න පත්‍රයේ ඇති උපදෙස් හොඳින් කියවා, තමන්ගේ විභාග අංකය නිවැරදිව සඳහන් කරමින් පැහැදිලි අත්අකුරින් ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සැපයිය යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය විභාග අපේක්ෂකයින්ට මෙහිදී දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන අලි ප#රදීමකින් පුද්ගලයෙක් එතනම එළොව යයි - අපිට හරි වේදනයි..අපි මේවා දාලා කොහෙද යන්නේ ?
08:19
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:25
Video thumbnail
කාන්තාවන් දෙදෙනෙක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:24
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:35
Video thumbnail
මීට වැඩිය හොඳයි රනිල් ගිහින් නාමල්ගේ වේදිකාවට නැග්ගනම් - UNP නායකයා පෙනී සිටීම ගැන ලැජ්ජයි
09:29
Video thumbnail
නිමල් පෙරේරා කියන්නේ මේ ගණුදෙනුවේ ඉත්තෙක් - කළු සල්ලි සුදු කරපු එක්කෙනෙක් විතරයි
07:26
Video thumbnail
නාමල්ව තව සතියකින් එළියට දානවා - මන් කැට තියලා කියනවා
09:52
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19